Ads 468x60px

.

මෙරටට ආ යානය කුරුල්ලෙක් නිසා ඉන්දියාවට ගොඩබස්සයි

ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් හදිසියේ ඉන්දියාවට ගොඩබස්සවා තිබේ. අදාළ ගුවන් යානයේ එක් එන්ජිමක පක්ෂියෙකු ගැටීම හේතුවෙන් හදිසි තත්ත්වයක් මතුවීම ඊට හේතු වී ඇත. කෙසේ වෙතත් යානය පාලනය කරගැනීමට සමත්වූ ගුවන් නියමුවා එය සාර්ථකව ගොඩබැස්වීමට කටයුතු කර තිබේ.

බෝයිං 767 වර්ගයේ අදාළ ගුවන් යානය මෙම හදිසි තත්ත්වයට ලක්වන අවස්ථාවේ මගීන් 263 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබුණි. කෙසේවෙතත් එන්ජිම යථා තත්ත්වයට පත්කරගැනීමෙන් අනතුරුව මගීන් පිරිස යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.
 
Related Posts with Thumbnails