Ads 468x60px

.

කොරියානු භාෂා විභාගයෙන් දෙසීයෙන් දෙසීයම ලබාගත් අයදුම්කරුවන් 145 දෙනෙක්

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් 9,998 දෙනෙකු සමත්ව ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙවර විභාගයේ දී සමත් කිරීමේ අවම ලකුණු සංඛ්‍යාව 124ක මට්ටමකට පැවති බව එම කාර්යාංශය පෙන්වා දෙයි. මෙවර විභාගයේ දී ලකුණු දෙසීයෙන් දෙසීයම ලබාගත් අයදුම්කරුවන් 145 දෙනෙකු සිටින බව එම කාර්යාංශය පවසයි.

ඊට අමතරව ලකුණු 196 බැගින් ලබාගත් 188 දෙනෙකු සිටින බව එම කාර්යාංශය සඳහන් කරයි. විභාගය සඳහා අපේක්ෂකයින් 44,732 දෙනෙකු ඉදිරිපත් වු අතර ඉන් 34,734 දෙනෙකු අසමත් වී තිබේ. සමත්වූවන් සඳහා ඉදිරියේ දී සම්මුඛ පරීක්ෂණ සහ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
 
Related Posts with Thumbnails