Ads 468x60px

.

භාරත ඝාතනය දෙමටගොඩ චමින්දට - ඔහුගේ පවුලේ අනාගතය රේනෝද සිල්වාට

භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුලූ සිවුදෙනෙකු ඝාතනය කිරීමේ වගකීම භාර ගන්නා ලෙසත්, මෙම වෙඩි තැබීමේ සිද්ධියට දුමින්ද සිල්වා මහතාගේ සම්බන්ධයක් නොමැති බව ප‍්‍රකාශ කරන ලෙසත් කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාගේ සොහොයුරු රේනෝද සිල්වා මහතා දෙමටගොඩ චමින්ද නැමැති පාතාල නායකයාගෙන් ඉල්ලීමක් කර තිබේ.


භාරත පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනයෙන් පසු ඉන්දියාවට පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්ද මේවන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියි.ඔහුගේ සහ ඔහුගේ පවුලේ අනාගතය තමා විසින් භාර ගන්නා බවත්, ඉතා කෙටිකාලයක් ඇතුලතදී ජනාධිපති සමාව මත නිදහස් කර ගන්නා බවටත් රේනෝද සිල්වා මහතා දෙමටගොඩ චමින්දට පොරොන්දු වී ඇත.එහෙත් දෙමටගොඩ චමින්ද ඒ සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැත.

දෙමටගොඩ චමින්ද නැමත්තා කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාට සේවය කළ අතර, පාතාල සාමාජිකයෙකු වූ ඔහුගේ සොහොයුරා සේවය කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාටය.කෙසේ වුවද රේනෝද සිල්වා මහතාගේ ඉල්ලීමට එකඟනොවූවහොත්, දෙමටගොඩ චමින්දගේ ජීවිතයද අනතුරට ලක් විය හැකි බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අප වෙත පැවසීය.
 
Related Posts with Thumbnails