Ads 468x60px

.

මරදන්කඩවල යකඩයාගේ මළ සිරුර කිසිවකු බාර නොගැනීම හේතුවෙන් ගම්පහින් නෙල්ලියගමට

කොළඹ ජාතික රෝහලේ මියගිය එස්. ඒ. ජිනදාස මහතා හෙවත් මරදන්කඩවල යකඩයා නැමැත්තාගේ මළ සිරුර කිසිවකු බාර නොගැනීම හේතුවෙන් ඔහුගේ අවසන් කටයුතු කිරීමට ගම්පහ ප‍්‍රගතිශිලි ව්‍යාපාරික සංසදය ඉදිරිපත්වී ඇත.යකඩයාගේ මළ සිරුර රජයේ වියදමින් මිහිදන් කිරීමට කටයුතු යොදා ඇති බව සැලවීමෙන් පසුව ගම්පහ ප‍්‍රගතිශීලි ව්‍යාපාරික සංසදයේ කැඳවුම් කරු වු ඔස්මන් ගුණසේකර මහතා මෙම සත්කාරයට ඉදිරිපත්වි තිබේ.


එම සිරුර ගම්පහ දයාරත්න මල්ශාලාවට ගෙනවිත් මහජන ගෞරවය සඳහා පැය කීහිපයක් තබා කැකිරාව නෙල්ලියගම පොදු සුසාන භූමියේදී භූමදාන කිරීම නියමිත බව පැවසේ.එස්. ඒ. ජිනදාස මහතාගේ මළ සිරුර මේවන විට ඥාතියකුගේ නිවසට ගෙනගොස් ඇති බව ද වාර්තා වේ.ඔහුගේ අදාහන කටයුතු ලබන සෙනසුරාදා සවස 2.00 ට කැකිරාව නෙල්ලියගම පොදු සුසාන භූමියේදී සිදුකරන බැව් ගම්පහ ප‍්‍රගතිශිලි ව්‍යාපාරික සංසදයේ කැඳවුම්කරු ඔස්මන් ගුණසේකර මහතා පැවසීය.අවුරුදු 111 ක කාලයක් ආයුවැළඳූ ජිනදාස මහතා අවසන් කාලයේ මානසික රෝගයකින් පෙළුන බව ද පැවසේ.


 
 
Related Posts with Thumbnails