Ads 468x60px

.

දුමින්දගේ හිස්කබලෙහි ඉවත් කළ කොටස යළි බද්ධ කිරිම තව මාස දෙකකින්


වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා මේ වනවිට වෛද්‍යවරුන් සමග කථාබහ කරන බව ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරු පවසති.මන්ත්‍රීවරයාට සැත්කම සිදුකළ ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය පැවසුවේ, වෛද්‍යවරුන් විමසන ප්‍රශ්නවලට මන්ත්‍රීවරයා ඉතා හොදින් පිළිතුරු දෙන බවයි.
මේ වනවිට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට බත් ආදී ඝන ආහාර ලබාදීම ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළාය.වෛද්‍යවරිය පැවසුවේ, තවත් මාස 4ක් පමණ ගතවන විට දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය  වනු ඇති බවයි.කෙසේ වෙතත් මන්ත්‍රිවරයාගේ හිස්කබලෙහි ඉවත් කළ කොටස යළි බද්ධ කිරිමේ සැත්කම මෙතෙක් සිදුකර නොමැත.ඒ සඳහා වන සැත්කම තවත් මාස දෙකකින් පමණ සිදු කිරිමට සැලසුම් කර ඇති බව විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය පැවසුවාය.

මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා විදේශයකට රැගෙන යැමට ඔහුගේ ඥාතීන් ඉල්ලා සිටියහොත් ඊට අවසර ලබා දීමට වෛද්‍යවරුන් තීරණය කර ඇතැයි  'දිවයින' පුවත්පත වාර්තා කරයිඑම වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සදහන්වේ.

දුමින්ද සිල්වා මහතාට දැන් අවශ්‍යව ඇත්තේ භෞත චිකිත්සක ප්‍රතිකාර බැවින්සඳහා විදේශයන්හි පවතින ඉහළ පහසුකම් පිළිබඳ සළකා වෛද්‍යවරුන් ඉහත තීරණය ගෙන ඇත.

මේ වන විට දුමින්ද සිල්වා මහතාට කළ යුතු ශල්‍ය හා අනෙකුත් ඖෂධමය ප්‍රතිකාර සියල්ල අවසන්ව තිබෙන බැවින් ඔහුට දැන් විධිමත් භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දිය යුතු බව වෛද්‍යවරුන්ගේ අදහසයි. කෙසේ වෙතත් මොළයට සිදු වූ හානි අනුව දුමින්ද සිල්වා මහතාට පූර්ණ සුවය ලැබීමට තවත් කාලයක්‌ ගත වනු ඇති බව වෛද්‍ය මතය වී තිබේ.
 
Related Posts with Thumbnails