Ads 468x60px

.

නිලියක් එංගලන්තයේ නාට්‍යකට නළු නිළියන් රැගෙන යන මුවාවෙන් ලක්‍ෂ 50කට විදලා

ප‍්‍රවීණ චිත‍්‍රපට නිළියක්, තරුණයන් 30කට ආසන්න සංඛ්‍යාවකට එංගලන්තයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් ලක්‍ෂ 50ක පමණ මුදලක් වංචා කර සැඟවී සිටින බවට පොලීසියට පැමිණිලි ලැබී ඇත.මීගමුව, කටුවපිටිය ප‍්‍රදේශයේ ව්‍යාජ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යමින් දිවයිනේ නොයෙක් ප‍්‍රදේශවල තරුණයන් රවටා රුපියල් ලක්‍ෂයේ සිට ලක්‍ෂ 10 දක්වා මුදලක් එක් අයෙකුගෙන් ලබාගෙන ඇති බවට පොලීසියට ලැබී ඇති පැමිණිළි වල දැක්වේ.එංගලන්තයේ රූගත කරන ටෙලි නාට්‍යකට නළු නිළියන් රැගෙන යන මුවාවෙන් තානාපති කාර්යාලවලට ව්‍යාජ තොරතුරු ලබා දෙමින් එම තරුණයන් එංගලන්තයට
රැගෙන යාමට පොරොන්දු වී අදාල නිලිය මුදල් ලබාගෙන තිබේ.මේ වන විට අදාල නිලිය රැකියා නියෝජිත ආයතනය වසා දමා හිටිහැටියේ අතුරුදන්ව සිටී.
 
Related Posts with Thumbnails