Ads 468x60px

.

කොටන කුකුළාට කොයි කොටුවත් එකයි - මර්වින්

ජනාධිපතිවරයා ඇතුළු වැදගත් පුද්ගලයින්ට අපහාස කරන මාධ්‍යවේදීන්ගේ ලිපිනයන් තමා සොයමින් සිටින බවත්, එවැනි පුද්ගලයින් ඉක්මනින්ම 'පෙට්ටියක්' සුදානම්කර තබා ගන්නා ලෙසත් මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා දැනුම්දීමක් කර සිටියි.ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති පදවිය බාර ගැනීම සඳහා ඊයේ (20) කටුනායකට ගිය අවස්ථාවේදී ඇමතිවරයා එම අනතුරු හැගවීම කළේය.එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය. '' අද මාධ්‍යකාරයන් කියලා හොරුන් ටිකක් ඉන්නවා. වැදගත් පුද්ගලයින්ට අපහාස කරන පාහරයන් ටිකක් ඉන්නවා. මම උන්ගේ ඇඞ්රස් හොයා හොයා ඉන්නේ. ඒ නිසා උන්ට කියන්නේ දැන්ම පෙට්ටියක් බුක් කරගන්න කියලයි.භාරත - දුමින්ද ප‍්‍රශ්නයේ දී රාජපක්‍ෂ පරපුරට නොයෙකුත් දේ කියනවා.  වෙන එවුන්  කරන වැරැදිවලට රාජපක්‍ෂ පවුල පලිද?
මේ රටේ විවිධ නායකයන් හිටියා. අන්තිමට මාගම්පත්තුවෙන් කුඹුරෙන් නියරෙන් කකුල් දෙක හෝදගෙන කොළඹ නීති විද්‍යාලයටජනාධිපති මහින්ද රාජපක්‍ෂ රට එක්සේසත් කළා.රට එක්සේසත් කරපු රාජපක්‍ෂ පවුල විත්තිකාරයන් වෙලා.අගේ ඉඳන් කන කාපු ෆොන්සේකා යුද්දෙට ගිහින් කෙඳිරුවා. අන්න ඒකෙ ඵල විපාක තමයි අද අපි විඳින්නේ. ජනාධිපතිතුමා හිරබාරයට ගන්න හදනවා. ඊට මුහුණ දීමට අපි සැවොම එක් විය යුතුයි.

දැන් මේ රටේ කුලප්පු තුනක් තියෙනවා. එකක් තමයි පසුගිය 18 වැනිදා ජනාධිපතිතුමාගෙ දෙවැනි පදවිප‍්‍රාප්තිය. ජනාධිපතිතුමා මොනවා නොකළත් හය වැනි පරාක‍්‍රමබාහුගෙන් පස්සේ රට එක්සේසත් කළේ එතුමායි.සමහර සංඝයා වහන්සේලා ප‍්‍රකාශ කරනවා අධිකරණය වැරදියි කියලා. අධිකරණය ඉස්සරහ පෙළපාළි යනවා. මම එදා හිටියෙ කැලණිය පන්සලේ. මම හිටියා නම් අධිකරණය ඉස්සරහ පෙළපාළි යන හැටි බලාගන්න තිබුණා. හොඳ වෙලාවට මම නොහිටියේ.

අවුරුදු තුනක සිරදඬුවමට ඔච්චර නටන්න  ඕනෑද? මාත් හිටියා මාස හතරක් හිර ගෙදර කවුරුත් බෝඞ් අල්ලාගෙන ගියේ නැහැ.මම ඔවුන්ට අවවාදයක් කරනවා මින්පසු සදාචාර සම්පන්නකම් නැති කරන ක‍්‍රියා කරනවා නම් හැංගෙන්න ගල් ගුහා හොයාගන්න කියලා.භාරත   දුමින්ද ප‍්‍රශ්නෙ අනිත් එක. මේ රටේ මීට කලින් වෙඩි තියාගෙන නැද්ද? මගේ නංගියි මල්ලියි මස්සිනයි මැරුවා. ඒවා මිනීමැරුම් නෙවෙයිද?

දුමින්දගේ ප‍්‍රශ්නෙදී රාජපක්‍ෂ පරපුරට නොයෙක් දේවල් කියනවා. ඒකට රාජපක්‍ෂ පවුල පලිද? මර්වින් සිල්වා වැරැද්දක් කළොත් රාජපක්‍ෂ පවුල පලිද?මම හඳපානේ නරි අල්ලන්න ගියේ නැහැ. නරියත්, අලියත්, බල්ලත්, මොණරත් මම හොඳට අඳුරනවා. කොටන කුකුළාට කොයි කොටුවත් එකයි.''
 
Related Posts with Thumbnails