Ads 468x60px

.

අපේ ඇමතිට හරියන අපේම ප‍්‍රයිම් ටයිම්

ලංකාවේ ජනපි‍්‍රය ටෙලි නිලියන් නිතර දෙවේලේ කෙටි දුරකතන පණිවුඩ, නැත්නම් ‘ටෙක්ස්ට්’ මගින් සැපදුක සොයා බලන 60 පැනපු ඇමතිවරයෙක් පිළිබඳව වාර්තාවේ. ටෙලි නිලියන් තරගයට මෙන් ඔහුගේ ජංගම දුර කථනයට ‘ටෙක්ස්ට්’ එවනු ලබයි. හැම වෙලාවෙම ඔහුගේ දුරකතනය කීක්... කීක්...’ ගාපු ගමන්ය. සද්දය ඇසුනු විගස මොන වැඩ තිබ්බත් ඇමතිවරයා, ‘ඒ ගමන කවුද දන්නෑ’ කියමින් සිනහ වී දුරකතනය ගෙන ‘ටෙක්ස්ට්’ එක කියවනු ලබයි.
එහි සඳහන් වන්නේ, ‘පැටියෝ....ඔයා කෑවද? බේත් ටික බිව්වද? ජිම් එකට ගියාද?’ යනුවෙනි. එය කියවන ඇමතිවරයා සිනහසෙමින් තමන් අසල සිටින උදවියටද එම කෙටි දුරකතන පණිවුඩ පෙන්වනු ලබයි.

‘‘බලන්ඩ... මේ ළමයි මට කොච්චර ආදරේද? මගේ වයිෆ්වත් මං ගැන මේ විදියට හොයල බලන්නේ නැහැ. හැබැයි ඉතිං ඇමතිකම නැති වුණොත් ඔය ටෙක්ස්ට් ටික යන්නෙ ඊළඟට මගේ සීට් එකට එන එකාට. මුං හැම එකාම ට‍්‍රයි කරන්නෙ අපිට  ඕන දෙයක් දීලා අටහමාරේ රූපවාහිනී බෙල්ට් එක අල්ල ගන්න’’ යනුවෙන් ඇමතිවරයා පවසන්නේ තම දුක සැප බලා තමන් සමග ටෙලි නිලියන් මෙතරම් ඇගෑලූම්කම් පාන්නේ රජයේ රූපවාහිනී නාලිකාවල ‘ප‍්‍රයිම් ටයිම්’ එක ලෙස ගැනෙන රාතී‍්‍ර 8.30 - 9.00 අතර කාලය තම ටෙලි නාට්‍ය සඳහා වෙන් කරවා ගැනීමටය.

60 පැනපු ‘කුක්කු පැටියා’ වෙන කවුරුවත් නොව ජනමාධ්‍යට සම්බන්ධ අපේම ඇමතිවරයෙකි.
 
Related Posts with Thumbnails