Ads 468x60px

.

භච්චන් දියණියට නමක් තැබීමට රසික රසිකාවියන්ට අවස්ථාවක්

බොලිවුඩ් හි සුපිරි නළු නිළි යුවලක් වන ඓයිශ්වර්යා රායි හා අභිෂේක් භච්චන් ගේ කුළුඳුල් දියණියට නමක් තැබීමට ඇගේ දෙමාපියන්ගේ රසික රසිකාවියන්ට අවස්ථාව ලැබෙනු ඇති බව වාර්තා වේ.රසික රසිකාවියන්ගේ දහස්ගණනක් සුභපැතුම් සඳහා සිය ට්විටර් සමාජ ජාලය හරහා ස්තූති කරමින් අභිෂේක් ඉල්ලා ඇත්තේ සිය දියණියට තැබීම සඳහා සුදුසු නම් එවන ලෙසයි.’අ’ අකුරින් නම් එවන මෙන් ඔහු සඳහන් කර ඇත.


මේ අතර, ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ අදහස් දක්වන අමිතාබ් භච්චන් පවසා ඇත්තේ සිය මිණිබිරියගේ ඡායාරූප ප‍්‍රසිද්ධ නොකරන බවයි.එය අතිශය පෞද්ගලික කරුණක් බැවින් මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.කෙසේ වෙතත් ඓයිශ්වර්යාගේ හා ඇගේ දියණියගේ යැයි පැවසෙන ව්‍යාජ ඡායාරූප අන්තර්ජාලය පුරා පළවී ඇත.ඓයිශ්වර්යා - අභිෂේක් ගේ දියණිය පසුගිය 16දා මුම්බායේ සෙවන් හිල්ස් රෝහලේදී උපත ලැබීය.කෙසේ වෙතත් දරු උපතට කලින් මාධ්‍ය වාර්තා කර තිබුනේ ඓයිශ්වර්යාට නිවුන් දරුවන් ලැබීමට සිටින බවයි.
 
Related Posts with Thumbnails