Ads 468x60px

.

කෙටි පණිවිඩයක් යැවීමෙන් ඔබට අවශ්‍ය තේ වර්ගය ලගදීම

එස්.එම්.එස්. පණිවිඩයක් යැවීමෙන් අනතුරුවඅනුව තේ නිපදවන යන්ත‍්‍ර ළඟදීම කොළඔ ප‍්‍රසිද්ධ ස්ථාන කිහිපයකම සවිකිරීමට නියමිත බව වාර්තා වේ.ටීලක් සන්නාම නාමය යටතේ නම් කර ඇති මෙම යන්ත‍්‍රය නිෂ්පාදනය කිරීමට ශ‍්‍රී ලංකාවේ ව්‍යවසායකයෙකු පසුගියදා සමත් විය.
මෙම යන්ත‍්‍ර ළඟදීම කොළඔ ප‍්‍රසිද්ධ ස්ථාන කිහිපයකම සවිකිරීමට නියමිත බව පවසන නී-සේ ජාත්‍යන්තර සමාගමේ සභාපති ජී.එල්. තිලකරත්න මහතා මාධ්‍ය වෙත පැවසා ඇත්තේ මෙම යන්ත‍්‍රයට තවත් උපාංග එක්කිරීමෙ ඉදිරියේදී කටයුතු කරන බවයි.ලබාදී ඇති අංකයක් වෙත මොබිටෙල් ජංගම දුරකතනයක් මගින් කෙටි පණිවිඩයක් යැවීමෙන් අනතුරුව තමාට අවශ්‍ය තේ වර්ගය ඇනවුම් කිරීමට පාරිභෝගිකයාට මෙමගින් අවස්ථාව ලැබේ.

කොරියාවෙන් හා ජපානයෙන් ආනයනය කළ ද්‍රව්‍ය යොදාගෙන දේශීය තාක්‍ෂණයට අනුව මෙම යන්ත‍්‍රය නිර්මාණය කර ඇත.ලබන වසර ආරම්භය වන විට ඩුබායි, කොරියාව, ජපානය, ඉන්දියාව හා මැලේසියාව යන රටවලට අපනයනය කිරීමට නියමිත බව ඔහු වැඩිදරටත් පවසා ඇත.
 
Related Posts with Thumbnails