Ads 468x60px

.

2012 අය වැය ලේඛනය සහ ගුටි බැට,වතුර බෝතල් හුවමාරුව

දෙවැනි ධුර කාලයේ දෙවැනි අයවැය ලේඛනය ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මෙය මහින්ද රාජපක්‍ෂ රජයේ හත්වැනි අයවැය ලේඛනයයි. 2012 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන මෙම අයවැය විසර්ජන පනතට අනුව ලබන වසරට සමස්‌ත වියදම රුපියල් බිලියන 1,284 කි. හෙට සිට 30 දා දක්‌වා දින හතක්‌ අයවැය දෙවැනි වර කියෑවීමේ විවාදය පවත්වා ඡන්ද විමසීම පැවැත්වෙන අතර අනතුරුව දෙසැම්බර් 01 දා සිට 21 වැනිදා දක්‌වා අයවැය විසර්ජන පනත තුන්වන වර කියෑවීම විවාදය දිනපතා පැවැත්වේ.
2012 අයවැය විසර්ජන පනත සඳහා අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 21 දා පැවැත්වීමට නියමිතයි.

මෙවර අය වැය ලේඛනයේ සාරාංශය මෙසේය

රාජ්‍ය සේවකයන්ට 10 % වැටුප් වැඩිකිරීමක්
සියලුම රජයේ සේවකයින්ගේ සහ ආරක්ෂක අංශවල නිලධාරීන් සඳහා 10% ක මූලික වැටුප් වැඩිවීමක් ලබාදීමට 2012 අයවැයෙන් යෝජනා කර තිබේ.
එමෙන්ම රජයේ මාණ්ඩලික තනතුරු සඳහා 05% ක වැටුප් වැඩිවීමක් ලබාදීමට සහ වෛද්‍යවරු, අනද්‍යන කාර්යය මණ්ඩල සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත ද වැටුප් වැඩිවීමක් ලබාදීමට අයවැයෙන් යෝජනා කර ඇත.

පොලිසියටත් තුන්වන දරුවාගේ දීමනාව
ආරක්ෂක අංශවල සාමාජිකයින්ගේ පවුල්වල උපත ලබන තුන්වන දරුවා වෙනුවෙන් රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමේ යෝජනාව 2012 වසරේ සිට පොලිස් නිලධාරීන් වෙතද පිරිනැමේ

ජේෂ්ඨ මාධ්‍යවේදීන්ට බදු සහන
වසර 25 ක පළපුරුද්ද සහිත ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදීන්, ලේඛකයින් සහ කලාකරුවන්ට රුපියල් මිලියන 1 .2 දක්වා පොලී රහිත රථවාහන ණය ලබාදීම

සුඛෝපභෝගී වාහන බද්ද නැවතත් ඉහලට
සුඛෝපභෝගී වාහන සඳහා වන ගාස්තුව ඉහළ නැංවීමටත්, ලොරි සහ බස් රථ සඳහා වන ගාස්තුව වෙනසක් සිදුනොකිරීමටත් එමගින් යෝජනා කර ඇත

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට බදු සහන
සංචාරක කර්මාන්තය සඳහා ආනයනය කරනු ලබන බස් රථ සඳහා වන වැට් බද්ද ඉවත්කිරීම හා  ගුවන් කොටුපළ කුලී රථ සේවය සඳහා ආනයනය කරන වාහන සඳහා අයකරන වැට් බද්දෙන් 50% ක් අඩු කිරීමට ද යෝජනා කර ඇත.

උසස්පෙළ සමත්නම් වෘතිය පුහුණුවටත් වරම්
අ.පො.ස උසස් පෙළ විභාගය සමත්වන සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මෙන්ම වෘත්තීය පුහුණු ආයතන ප්‍රවේශය සඳහා ද සුදුසුකම් ලැබීම

සෞඛ්‍ය අංශයට මිලියන 500
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 500 ක මුදලක් වෙන්කිරීමට යෝජනාකොට ඇත

ආයෝජකයනට බදු විරාම
රුපියල් කෝටි 500 – 30000 අතර මුදලක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ආයෝජකයනට වසර 3 සිට 4 දක්වා බදු විරාමයක්

රුපියලේ අගය 3%කින් බාල්දු කෙරේ
රුපියලේ අගය සියයට තුනකින් අව ප්‍රමාණය කරන බව ජනපති අය වැය ඉදිරිපත් කරමින් කීවේය. මේ අනුව රුපියල් 1,000ක වටිනාකම රුපියල් 970/-කි.


අයවැය යෝජනා ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අතරතුර නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. ජනාධිපතිතුමා අය වැය කියවන්න පටන්ගත් විටම විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එයට බාධා කළේ අතර "ලැජ්ජයි, ලැජ්ජයි" යනුවෙන් සඳහන් විරෝධතා පුවරු ඔවුන් ප්‍රදර්ශනය කරමින්.

මෙලෙසවූ ජයලත් ජයවර්ධන මංත්‍රීවරයාගේ විරෝධයට ජනාධිපතිතුමා පැවසුවේ "ලබන අවුරුද්දේ මැතිවරණ නැහැ. ඕනෑ නම් දෙන්නම්. ඕනෑ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා වුණත් මැතිවරණයක්‌ දෙන්න පුළුවන්. මට බය ඉන්න කට්‌ටියත් නැතිවේවි කියලා. ජයලත් ජයවර්ධන මහත්තයෝ දෙයියන්ගේ පිහිටයි" යනුවෙන්.

විරෝධතාව උත්සන්න වෙත්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සභා ගැබ හරහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සිටින පැත්තට ගොස් ඔවුන්ට පහර දෙනු ලැබුවා. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති විජිත් විජයමුණි, මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා ඒ අතර ප්‍රධාන වුනා.

ආණ්‌ඩු පක්‍ෂයේ ලොහාන් රත්වත්ත මන්ත්‍රීවරයා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා වෙත දිව ඇවිත් ඔහු අත තිබූ පුවරුව උදුරා ගත්තා. ඉන්පසු රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ද ඉදිරිපස අසුන් වෙත ගොස්‌ ජෝන් අමරතුංගට පහර කිහිපයක්‌ දෙනු ලැබුවා.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා රංජිත් මද්දුමබණ්‌ඩාර මහතාට පහර දුන් අතර, විජිතමුණි ඇමැතිවරයා විපක්‍ෂය දෙසට පොතකින් දමා ගැසුවා.

පහරදී අවසන් වන අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් "මෙහෙ එන්න... මෙහෙ එන්න.... අපේ අය වාඩි වෙන්න. ආණ්ඩු පක්ෂයේ අය වාඩි වෙන්න" යනුවෙන් පහරදීමට ගිය මංත්‍රීවරුන් වාඩි කිරීමට උත්සාහා ගත්තා.

හරීන් ප්‍රනාන්දු‍, ජයලත් ජයවර්ධන රෝසි සේනානායක, අනෝමා ගමගේ, මංගල සමරවීර, කරූ ජයසූරිය, නිරෝෂන් පෙරේරා, අජිත් පෙරේරා, ඇතුළු තවත් මන්ත්‍රීවරුන් රැසක් එලෙස ප්‍රහාරයට ලක්වු බවයි මන්ත්‍රී ජෝන් අමරතුංග විසින් ඊයේ පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී හෙළි කළේ.

 ඒ අතරේදී ජනාධිපතිවරයා සිටි දෙසට වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල වූ අතර එම බෝතලය ජනාධිපතිවරයා ඉදිරියේ බිම පතිත වූයේ මූඩිය ද ගැලවී එහි තිබූ ජලය විසිරෙමිනි. වීම පිළිබඳව "ගැලරියෙන් වතුර බෝතලයක් ආවලු, ඒක ගැන හොයන්න, පොලිස්කාරයන්ට කියන්න" යනුවෙන් ජනාධිපතිතුමා පැවසුවා.

මෙම පහරදීම පිළිබඳව මර්වින් සිල්වා ඇමතිවරයා විසින් පාර්ලිමේන්තු ගර්භයෙන් පිටත රැස්ව සිටි මාධ්යවේදීන් අමතා තම හපන්කම් ප්‍රකාශ කළේ මෙලෙසින්. හරියට අර කසාද බැඳම හනිමූන් ට්‍රිප් එක ගිහින් මනමාලි මනමාලයව දාල පරන පෙම්වතත් එක්ක ගියා වැඩක් වුනේ

ඔබතුමාට පහරදීමක් කළාද?

මට? මට ගැහුවා නම් මම උන්ගේ රෙදි ගලවනවා අද එතන.

ඔබතුමා විසින් පහරදීමක් කළාද?
"පහරදීමක් නම් වුනේ නෑ අත යන්තම් පොඩ්ඩක් එහේ මෙහේ යනකොට ඒ විදිහට ඕනේ නම් වදින්න ඇති. හිතලා කළේ නෑ. යකෝ ගැහුවත් ගැහුවා කියනවයැ මේ වෙලාවේ" යනුවෙන් පවසමින් ඉවත්වී ගියා. 

 

 
Related Posts with Thumbnails