Ads 468x60px

.

සිරිධම්ම හිමිට විරුද්ධව සමලිංගියක ප්‍රශ්නත් තියෙනවලු

පිටිදූවේ සිරිධම්ම හිමියන් පිළිබඳ ලිපි මාලාවක් අප ඔබ වෙත ගෙන ආවා. මෙම කතාවේ අලුත්ම තත්ත්වය අනුව උන්වහන්සේ භික්ෂු භාවයෙන් නෙරපීමට යන බවයි වාර්තා වෙන්නේ. මේ පිළිබඳව පසුගිය ඉරිදා ලක්බිම, රිවිර හා ලංකාදීප යන පුවත්පත් තුනේම ලිපි පලවී තිබුනා.උන්වහන්සේගේ විනය විරෝධී ක්‍රියා පිළිබඳ පසුගියදා පුවත්පත් සාකච්ජාවක් පැවැත්වූ අතර එහිදී කෝට්ටේ නාග විහාරාධි පති මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් පිටිදූවේ හිමියන්ගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කලා.ශාසනයෙන් නෙරපීම අවසාන අරමුනයි.මල්වතු මහනායක හිමියන් දැනුවත් කිරීමට යයි.
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මෙම ප්‍රකාශය පිළිබඳව බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් චන්ද්‍රප්‍රේම මහතා පවසන්නේ මෙවැන්නක්.

පිටිදූවේ සිරිධම්ම හිමියන් පිළිබඳාව උද්ගතවී ඇති තත්වයට මුලින්ම පියවය ගත යුත්තේ උන්වහන්සේ අයිති සංඝ සභාවයි. එම සංඝ සභාව විනය පියවර ගෙන උන්වහන්සේ භික්ෂුභාවයෙන් නෙරපූ බව දැනුම් දුන්නොත් පමණයි අපට උන්වහන්සේගේ භික්ෂු ලියාපදිංචිය අහෝසි කරලා අදාල පියවර ගන්න පුලුවන්. එහෙම නැතුව කිසිවෙක් භික්ෂුභාවයෙන් නෙරපීමට අපේ දෙපාර්තමේන්තුවට හැකියාවක් නෑ. අපි කරන්නේ පරිපාලන කටයුතු පමණයි. භික්ෂූන් පිළිබඳ විනය තීරන ගත යුත්තේ උන්වහන්සේ අයිති සංඝ සභාවයි.

ශාසනයෙන් නෙරපීම එහි අවසාන අරමුනයි.
මේ පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පවසන්නේ මෙවන් අදහසක්.
පිටිදූවේ සිරිධම්ම හිමියන් කල බව කියන විනය විරෝධී ක්‍රියා රැසක් පිළිබඳව උන්වහන්සේට එරෙහිව පියවර ගැනීමට භික්ෂූහු රැසක් සැරසෙනවා. උන්වහන්සේගේ භික්ෂුභාවය අහෝසි කර ශාසනයෙන් නෙරපීම එහි අවසාන අරමුනයි.
දෙහිවල නැදිමාල බෞද්ධ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති හිමියන් පවසන්නේ පිටිදූවේ සිරිධම්ම හිමියන් දැනටත් භික්ෂු විනය අනුව පරාජිකාවට පත්ව තිබෙන බවත් එවැනි පරාජිකාවට පත් භික්ෂුවකගේ භික්ෂුභාවය තවදුරටත් වලංගු නොවන බවත්ය.

මල්වතු මහනායක හිමියන් දැනුවත් කිරීමට යයි.
තමන් වහන්සේ සකෘදාගාමී බව පැවසීම ඇතුළු චෝදනා රැසක් උන්වහන්සේට එල්ල වෙලා තියනවා. මේ චෝදනා පිළිබඳව සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමි ප්‍රමුඛව කාරක සංඝ සභාව දැනුවත් කිරීමට කීර්තිමත් හික්ෂූන් පිරිසක් මහනුවරට වැඩම කිරීමට නියමිතයි. මේ අතර පසුගිය ඉරිදා රිවිර පුවත් පතේද උන්වහන්සේ පිළිබඳ කරුණු රාශියක් හෙළිදරව් කර තිබෙනවා. එහි සඳහන් කරුණු අනුව උන්වහන්සේට විරුද්ධව තිබෙන චෝදනා අතර සමලිංගියක ප්‍රශ්නත් තිබූ බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳ සම්මා සමාධි පදනමේ පලමු සභාපති ප්‍රවීන ගායක දයාන් විතාරන පවසන්නේ මෙවැන්නක්.
සිරිධම්ම හිමියන් කොළඹට කැඳවාගන එන්න මුල්වෙලා කටයුතු කරපු කණ්ඩායමේ කෙනෙක් මමත්. නමුත් ටික කාලයක් යද්දී අපට තේරුනා අප ප්‍රාර්ථනා කරපු, විශ්වාස කරපු "සෝම" හාමුදුරුවෝ නෙවෙයි මේ ඉන්නේ කියලා. ආගමට දහමට වඩා මුදලට මුල් තැන දුන්න කෙනෙක් වුනා සිරිධම්ම හාමුදුරුවෝ.

අපි ඒ දවස් වල දායකයෝ එකතුවෙලා වාහනයක් අරන් දුන්නා. සති දෙකක් යනකොට ඒක විකුණගත්තා. අපි අවවාද කලා. ඒත් හැදෙන බවක් තේරුනේ නෑ. අපි ප්‍රාර්ථනා නොකල දේවල් සිදුවුනා. අපට ඕනෑ වුනේ බුදු දහම ව්‍යාප්ත කරන්න. ඒත් ඒක වුනේ නෑ. ඒ නිසා මම ජගත් ජයසුන්දර, සුමිත්‍රා මැණිකේ වගේ අය එතනින් අයින් වුනා. ඒ කාලේ හිටපු තව සෑහෙම පිරිසක් අයින් වුනා. ඊට පස්සේ අද වෙනකල් මොකද වුනේ කියලා හොයලා බැලුවේ නෑ.

මේ පිළිබඳව සම්මා සමාධි පදනමේ හිටපු ලේකම් ජගත් ජයසුන්දර මහතා පවසන්නේ මෙවැනි අදහසක්.
සිරිධම්ම හාමුදුරුවෝ ලඟින්ම හිටපු අපිට ගැටළු කීපයක් ඇතිවුනා හාමුදුරුවන්ගේ ක්‍රියා පිළිවෙත ගැන. හික්ෂුවක් හැටියට පුද්ගලික පිරිහීම, භික්ෂු ගුණ නැතිවීම, දේශනා කළේ ත්‍රිටකයේ අඩංගු බුද්ධ දේශනා නොවීම, සම්මා සමාධි පදනමට ඉඩම ලියනවා වෙනුවට නමට ලියාගන්න උවමනාවීම, සමලිංගික ප්‍රශ්න, බණට අධික මුදලක් අය කිරීම, නොදැන භාවනා ඉගැන්වීම වැනි කරුණු ගැනයි ඒ ගැටළු ඇතිවුනේ. අපි මේ ගැටළු ගැන සාකච්ජා කළා. අවවාද කළා. ඒවා අහන බවක් පෙන්නුවට හැදුනේ නෑ. ඒ නිසා මමත් බොහෝ දෙනකුත් ඒ පදනමෙන් අයින් වුනා.

මේක විශාල ශාසනික ප්‍රශ්නයක්. මේ රටේ ඉන්න භික්ෂූන් වහන්සේලා, ශාසනය රකින රටේ වගකිවයුතු රාජ්‍ය අංශ වල සියළු දෙනාම මේ ගැන අවධානය යොමුකරලා ශාසන විනාශය කරන මේ හාමුදුරුවෝ ඉවත් කිරීමේ අවශ්‍යතාවය දැන් ඇතිවෙලා තියනවා.

මේ අතර පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ සෙවනේ මාස අටක පමණ කාලයක සිට කටයුතු කරන විසි නව හැවිරිදි සුමුදු නම් තරුණයෙක් ලංකාදීප පුවත්පතට පවසා ඇත්තේ මෙවැන්නක්.

මම හොඳ අධ්‍යාපනයක් ලැබූ රට රටවල ඇවිද ගිය තරුණයෙක්. අපේ හාමුදුරුවන්ගේ ධර්ම ඥානය ගැන ඇතිවූ පැහැදීම නිසා දැන් මා සියල්ල අත් හැර උන්වහන්සේගේ සමීපයේ කටයුතු කරනවා. සකෘදාගාමී තත්වයට පත්වූ කෙනෙකු උත්පත්තිය ලබන්නේ තව භව දෙකයි. ඒ අනුව බුද්ධත්වයට පත්වූවත් නොවූවත් උන්වහන්සේ මේ භව සංසාරයේ උපදින්නේ භව දෙකයි. උන්වහන්සේ සිරි සමන්ත භද්‍ර ලෙස නම වෙනස් කළේත් සිවුරේ පාට වෙනස් කළේත් තමන් වහන්සේ මාර්ග ඵලයට පත්වූ බව පෘතග්ජන පුද්ගලයන්ට අවබෝධ කිරීමට අපහසු නිසා එය සන්නිවේදනය කිරීමේ පහසු මාධ්‍යයක් ලෙසයි.

හුඟාක් ප්‍රසිද්ධ හාමුදුරුවරු පැමිණ උන්වහන්සේගේ මාර්ගඵල ලැබීම ගැන දිගින් දිගටම ප්‍රශ්න කළා. අතුරුලියේ රතන හිමි සහ මැදගොඩ අභයතිස්ස හිමි ඉන් දෙන්නෙක්. ඒ ස්වාමීන් වහන්සේලා දෙදෙනාම අවසානයේ පිලිගත්තා උන්වහන්සේ මාර්ගඵල ලැබූ බවයි.


 
Related Posts with Thumbnails