Ads 468x60px

.

ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් අනුව පබෝදා විවාහය ලබන ජූලි මාසයට පෙර

ජනපි‍‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝදා සංදීපනී විවාහව වීමට සුදානමින් සිටින්නේ ගරාජ් හිමිකරුවෙක් සමග බව වෙත වාර්තා වේ.පබෝදාට සහකරුවෙකු සොයා ගැනීමට ඇගේ මව වන ගීතා කාන්ති ජයකොඩි විසින් සතිඅන්ත පුවත්පතක පලකළ මංගල දැන්වීමට අනුව මේ විවාහය තීන්දුවී ඇතැයිපැවසේ.ගරාජ් හිමිකරු හා පබෝදා ලබන වසරේදී ජූලි මාසයට පෙර විවාහවීමට තීරණය කර අතැ බවද මේ අතර වාර්තා වේ.ගීතාට සිය දියණිය ලබන ජූලි මාසයට පෙර විවාහ කර දෙන ලෙස ජෝතිෂ්‍යවේදීන් විසින් ලබාදී ඇති උපදෙසක් අනුව මේ තීන්දුව ගෙන ඇති බවද පැවසේ.පබෝදා, මේ වසරේදී සිය රංගන දිවියට වසර 25 ක් සම්පූර්ණ කළාය.ඉකුත් රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී පබෝධා දක්ෂතම නිළිය ලෙස ද සම්මානයට පාත‍‍්‍ර වූවාය.
ඇය මුලින්ම රංගනයට අත්පොත් තැබුවේ ‘යශෝරාවය’ ටෙලිනාට්‍යයේ ළමා රංගන ශිල්පිනියක ලෙස වයස අවුරුදු හතරේදී ය.පබෝදා වයස අවුරුදු හයේදී හඬ කැවීම් ශිල්පිනියක් ලෙස ‘ඔෂීන්’ නාට්‍යයේ ඔෂීන්ගේ චරිතයට හඬ කැවමින් පේ‍‍්‍රක්ෂකයන් අතර ජනාදරයට වූවාය.කෙසේවුවද ඇය වසර අටක පමණ දීර්ඝ කාලයක් සිනමා රංගනයට විරාමයක් තබා මෑත කාලයේදී වැඩි කතාබහට ලක්වූිසුපර් සික්ස්’ චිත‍‍්‍රපටයේ චරිතයක් සඳහා රංගනයෙන් දායක වූවාය.

‘බහු භූතයෝ’ චිත‍‍්‍රපටය ඇය අවසන් වරට රඟපෑ සිනමා පටය වූ අතර, එම චිත‍‍්‍රපටයේ ඇයගේ රංගනය එක් දෙබස් කණ්ඩයකට පමණක් සීමාවීමවිශේෂිතය.එහිදී පබෝදා භූතයෙකුගේ චරිතයකට පණ පෙවූ අතර, ඇය එහිදී උච්චාරණය කළ එකම දෙබස් කණ්ඩයි තෙලට ද? මිරිසට ද?’ යන්න පමණි.
 
Related Posts with Thumbnails