Ads 468x60px

.

භෂ්මාවශේෂ වලින් පබළු වර්ගයක්

මේ දින වල දකුණු කොරියාවේ වෙනස්ම ආකාරයේ ප‍්‍රවණතාවයක් පවතින බව වාර්තා වේ.ඒ, මියගිය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ වලින් පබළු සෑදීමයි.දස වසරකට පෙර, කොන්ෆියුසියස් ආගමික විශ්වාස වලට අනුව මියගිය පුද්ගලන් වැළලීම දකුණු කොරියාවේ සාමාන්‍ය සිරිත විය.කෙසේ වුවද, කාලයත් සමග මතමතාන්තර වෙනස්වීමත් හා සොහොන් සඳහා ඇති ඉඩ සිමා වීමත් සමග මියගිය පුද්ගලයන් ආදාහනය කිරීමට දකුණු කොරියානු ජාතිකයන් වැඩිදෙනෙකු පෙළඹී ඇත.මේ සමග, භෂ්මාවශේෂ වලින් පබළු සෑදීම වැනි ව්‍යාපාර බිහිවී ඇත.
මෙවැනි ව්‍යාපාරිකයන් පවසන්නේ නරක් නොවන, මෙම දුර්ඝන්ධයක් නොමැති, පිරිසිදු පබළු ලබාගැනීමෙන් මියගිය පුද්ගලයන් ගේ භෂ්මාවශේෂ සැමවිට තමා ළඟ තබාගත හැකි වන බවයි.
අධික උෂ්ණත්වයක් යටතේ මෙම භෂ්මාවශේෂ දියවන තෙක් රත්කෙරෙන අතර, එලෙස දියවූ විට පබළු සාදාගනු ලැබේ. මේ කි‍්‍රයාවලිය සඳහා විනාඩි 90ක් ගතවන බවත්, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 900 ක් පමණ වැය වන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.මෙම පබළු නිලට හුරු කොළ පැහැයෙන් මෙන්ම රෝස, දම් හා කළු වර්ණ වලින් ලබාගත හැක.

ඇමෙරිකාවේ, යුරෝපයේ හා ජපානයේද මෙවැනි ව්‍යාපාර ආරම්භ කෙරුණද, මියගිය පුද්ගලයන් හට ගරු කළ යුතු සුදුසුක‍්‍රමය ඔවුන්ගේ අළු සොබාදහමට එක්කිරීමෙන් බව බොහෝ දෙනාගේ අදහස බැවින් එම ව්‍යාපාර වල සාර්ථකත්වය සීමාසහිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

 
Related Posts with Thumbnails