Ads 468x60px

.

නීතිඥවරියකගේ සිරුර රූගත කළ පුද්ගලයෙකුට වැඩ වරදී.

නිතීඥවරියකගේ ශරීරයේ විවිධ ස්ථාන ජංගම දුරකතනයකින් ඡායාරූප ගත කළ පුද්ගලයෙකු මේ මස 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි අද නියෝග කළා.  අනුරාධපුරයේ සිට කැකිරාව  බලා බස් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම නීතිඥවරියගේ ඡායාරූප ගත් බවයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ තිරප්පනේ පන්සල පාර ප‍්‍රදේශයේ පුද්ගලයෙකුටයි.

නීතිඥවරිය කැකිරාව දිසා අධිකරණයේ නඩුවකට පෙනී සිටීම සඳහා පෙරේදා බස් රථයකින් ගමන් කර තිබෙනවා.  ඇය, අසල අසුනේ සිටි මෙම පුද්ගලයා තමන්ගේ ඡායාරූප ලබා ගන්නා බවට දැනගත් නීතිඥවරිය සැකකරු අතේ තිබූ ජංගම දුරකතනය තමා භාරයට ගෙන තමා නීතිඥවරියකු බව පවසා බස් රථය පොලිසිය වෙත ගෙන යන ලෙස රියදුරුට පවසා ඇති බව සඳහන්. එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.  ඔහු සතුව තිබූ ජංගම දුරකතනය පොලිස් භාරයට ගෙන ඇති අතර, එහි නීතිඥවරියගේ ඡායාරූප කිහිපයක් ද තිබූ බවයි අධිකරණයට පොලිසිය දැනුම් දී ඇත්තේ.
 
Related Posts with Thumbnails