Ads 468x60px

.

සුමති ටෙලි සම්මාන උළෙල ජනප්‍රියම නළුවා සාරංග - නිළිය උදාරි

දහසය වැනි සුමති ටෙලි සම්මාන උළෙල ඊයේ දිනයේ (19) සුගතදාස ගෘහස්ත ක්‍‍්‍රීඩාංගණයේදී පැවැත්වුනි.එහිදී හොඳම නළුවා ලෙස රොෂාන් රවීන්ද්‍රත්,හොඳම නිළිය ලෙස හිමාලි සයුරංගි සම්මානයට පාත්‍ර විය.ජනප්‍රියම නළුවා සහ නිළිය වශයෙන් වැඩිම ජන්දයෙන් තේරී පත්වුණේ බොඳ මිදුම් ටෙලි නාට්‍යයේ පෙම්වතුන් ලෙස රඟපෑ සාරංග දිසාසේකර සහ උදාරි වර්ණකුලසුරියයි.
 සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස ජාතික රූපවාහිනිය විකාශය කළ ‘ඇබෑර්තු ඇත’ ටෙලි නාට්‍යයේ රොෂාන් රවීන්ද්‍රත් හොඳම නිළිය ලෙස ස්වර්ණවාහිනිය විකාශය කළ ‘තක්සලාව’ ටෙලි නාට්‍යයේ හිමාලි සයුරංගිත් මෙවර සම්මානයෙන් පිදුම් ලැබී ය.දහසය වැනි සුමති ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් මෙවරත් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පෙරේදා (16) ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නැටුම් ගැයුම් වැයුම්වලින් සමන්විත විචිත්‍රවත් උළෙලක ආකාරයෙන් පැවති මේ සම්මාන උළෙලේ දී රූපවාහිනී ක්ෂේත්‍රයේ විවිධ ඉසව් සඳහා සම්මානයන් 55ක්ද යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානයන් දෙකක් ද පිරිනැමිනි.එම සම්මානයන් දෙක ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා කරුණාතිලකටත් ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලකටත් හිමි විය.මේ සම්මාන උළෙලේ දී ජනපි‍්‍රයම ටෙලි නාට්‍යය ලෙස ස්වාධීන රූපවාහිනිය විකාශය කළ ‘බොඳ මීදුම්’ ටෙලි නාට්‍යයත්, ජනපි‍්‍රය ම ටෙලි නාට්‍ය නළුවා ලෙස සාරංග දිසාසේකරත්, ජනපි‍්‍රයම ටෙලි නාට්‍ය නිළිය ලෙස උදාරී වර්ණකුලසූරියත් සම්මාන ලැබීය.

හොඳම ටෙලි නාට්‍ය ලෙස සුමති සම්මානයෙන් පිදුම් ලැබුවේ ස්වර්ණවාහිනිය නිෂ්පාදනය කළ තක්සලාව යි. එය අධ්‍යක්ෂණය කළ ආනන්ද අබේනායක හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සුමති සම්මානයෙන් පිදුම් ලැබීය.හොඳම ටෙලි නාට්‍ය තේමා ගී ගායනය ජාතික රූපවාහිනිය විකාශය කළ “ඇබෑර්තු ඇත” ටෙලි නාට්‍යයේ තේමා ගී ගායනය වෙනුවෙන් ගායන ශිල්පී සමන්ත පෙරේරා ට හිමි විණි.
හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය සමන්ත පෙරේරා ‘ඇබෑර්තු ඇත’, හොඳම තේමා ගී රචනය රසික සුරවීරආරච්චි ‘ඇබෑර්තු ඇත’. හොඳම තිර පිටපත රසික සුරවීරආරච්චි – “ඇබෑර්තු ඇත”.හොඳම නවක නිළිය දුලානි අනුරාධා ‘පිනිබර යාමය’, හොඳම නවක නළුවා ජගත් මනුවර්ණ – ‘තක්සලාව‘.

සියලුම ජායාරූප බලන්න මෙතන ක්ලික් කරන්න.




 
Related Posts with Thumbnails