Ads 468x60px

.

කිරිදුන් මවගේ පියයුරු කැපූ වසල පුතෙක්

තම වත්තේ ගස්වල අතු කපා එළුවන්ට දීමට විරෝධය දැක්වූ මවක් සමඟ උරණවී මල් කපන පිහියකින් ඇයගේ පියයුරු කපා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුතෙක් ලබන 21 වනැදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තෙල්දෙණිය දිසා විනිසුරු ප‍්‍රසන්න ලියනගේ මහතා නියෝග කළේය. 

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වත්තේගම පොලිස් වසමට අයත් ගම්රාවන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙන 43 හැවිරිදි තිලක් බණ්ඩාර නැමැති අයෙකි. සැකකරු විසින් තුවාල සිදුකර ඇත්තේ හැට හැවිරිදි සිවු දරු මවක් වන ගම්රාවන පදිංචි බිසෝමැණිකේ නැමැති කතකටය.බරපතළ තුවාල ලබූ වත්තේගම කාන්තාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම සැකකරු සතුන් ඇති කරන අයෙකු බව පොලිසිය සඳහන් කළේය.සැකකාර තිලක් බණ්ඩාර (පුතා) වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රම්‍යා කාංකානම්ගේ මහත්මිය කරුණු දක්වමින් කියා සිටියේ දින ගණනාවක් නිරාහාරව සිටි එළුවන්ට කෑම ලබාදීම පිණිස ගෙවත්තේ ගසකින් අතු කපන විට මව පැමිණ පොල්ලකින් හිසට පහරදීම නිසා මෙම ගැටුම ඇතිවූ බවයි.
 
Related Posts with Thumbnails