Ads 468x60px

.

දුමින්ද සිල්වා සැකකරුවෙක් නොවේලු

හිසට වෙඩි වැදීමෙන් ජයවර්ධනපුර රෝහලේ රෝහල්ගතව සිටි දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබාදීම සඳහා සිංගප්පුරුවට ගෙනයාම පිලිබඳ අද පාර්ලිමේන්තුවේදී කතාබහක් ඇති වුවා.දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විමසා සිටියේ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධව සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට අවසරයකින් තොරව රටින් පිටව යාමට හැකියාව ලැබුනේ කෙසේදැයි කියාය.එයට පිළිතුරු දුන් නිමල් සිරිපාල අමාත්‍යවරයා කියා සිටියේ දුමින්ද සිල්වා රෝහලේදී සිහිමඳ ගතියකින් සිටි බවත් ඔහුට හරිහැටි කතා කිරීමට නොහැකි තත්වයක පසුවූ බවයි.

තවදුරටත් කරුණු පැහැදිලිකල අමාත්‍යවරයා කියා සිටියේ මානුෂික හේතුන් උඩ රෝගියෙකුට ප්‍රතිකාර ගැනීමට විදෙස්ගත වීමට අවස්ථාව හිමිවෙන අතර එසේ නොමැති වුවත් පොලිසිය මගින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සැකකරුවෙක් ලෙස නම්කොට නොමැති බවත් කිසිදු පරීක්ෂණයකදී ඔහුට විරුද්ධව චෝදනා එල්ලවී නොමැති බවත්ය.

 
Related Posts with Thumbnails