Ads 468x60px

.

ඇණයක් තිබෙන බව නොදැනැත් දිවිගලවාගත් මිනිසක්

මොළය මැද අඟල් 3.25ක් දිග ඇණයක් තිබෙන බව නොදැනැත් දිවිගලවාගත් මිනිසකු පිළිබඳ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ චිකාගෝ හි වෙසෙන ඩාන්ටේ අව්ටුල්ලෝ නම් 34 වියැති පුද්ගලයෙකි.තම වැඩපොලෙහි යම්කිසි වැඩක නිරත වී සිටි ඩාන්ටේ ගේ හිසෙහි ඇණ විදින යන්ත‍්‍රයක් (Nail gun) වැදී අතර, මේ හේතුවෙන් ඔහුගේ නළල ද තුවාල වී ඇත.කෙසේ වෙතත්, තම හිස තුළට ඇණයක් විදී ඇතැයි ඩාන්ටේ දැනසිට නැත.


පසුගිය දිනයේදී අසනීප තත්ත්වයකින පසුවී ඇති ඩාන්ටේ වෛදවරයෙකු හමුවීමට ගොස් ඇති අතර, ඔහුගේ මොළය මැද ඇණයක් තිබෙන බව එක්ස් කිරණ පරීක්‍ෂණයකින් හෙළි වී ඇත.යන්ත‍්‍රය නළලේ වැදුනු අවස්ථාවේදී එහි සංවේදකයට පැතලි පෘෂ්ඨයක් සංවේදය වී ඇති අතර, ඉන් අනතුරුව එම යන්ත‍්‍රය ස්වයංකී‍්‍රයව කි‍්‍රයාත්මක වී ඇත.

මෙම ඇණය තිබී ඇත්තේ ශරීරයේ චලනයන් පාලනය කරන මොළයේ කොටසට මිලිමීටර කිහිපයක් ආසන්නයෙන් බව විදෙස් වාර්තා වාර්තා කරයි.පසුව ඉලිනොයි ප‍්‍රාන්තයේ ඕක් ලෝන් ප‍්‍රදේශයේ  ඇඞ්වකේට් ක‍්‍රයිස්ට් වෛද්‍ය මධ්‍යස්ථානයේ සිදුකරන ලද පැය දෙකක ශල්‍යකර්මයකින් පසුව මෙම ඇණය ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත් වී ඇත.

ශල්‍යකර්මයයෙන් පසුව විවේකීව සිටින ඩාන්ටේ ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

 
Related Posts with Thumbnails