Ads 468x60px

.

ළඟදීම මර්වින්ට කාළි මෑණියන්ගෙන් සමාවගන්න වෙයි ලු

පසුගිය දිනෙක මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පුජාව සඳහා සිටි සතුන් නිදහස් කල අමාත්‍ය මර්වින් සිල්වා මහතාට කාලි මෑණියන්ගේ පිහිට  ආරක්‍ෂාව පතා එළිච්චියක් පූජා කිරීමට ගොස් ඇතැයි වාර්තා වේ. අමාත්‍යවරයාට හිතවත් කාන්තාවන් පිරිසක් සහ එක් පිරිමියෙක් පමණක් මෙම පූජාවට සහභාගී වී ඇත.


කාලි කෝවිලට ගොස් ඇති මේ පිරිස පූජකවරුන් හමුව කාළි මෑණියන්ගේ උදහසට ලක්ව සිටින අයෙකුට කාලි මෑණියන්ගේ රැකවරණය පිණිස එළිච්චියක් පූජා කිරීමට පැමිණි බව පවසා ඇත. ඒ අනුව කාළි මෑණියන් හමුවට ගොස් යාතිකා පවත්වමින් ආශීර්වාදය අවශ්‍ය පුද්ගලයාගේ නම සඳහන් කරන ලෙස පූජකයා කී විට ‘මර්වින් සිල්වා මහතා’ යයි ඔවුන් කියා ඇත. ඒ මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා යයි සිතා ප‍්‍රශ්ණ කල විට ‘මේ ඉන්නේ මෙයා තමයි’ යයි පවසමින් එහි සිටි කාන්තාවක් තමන් සමඟ පැමිණි පිරිමියා පෙන්වා ඇත. පූජාව පැවැත්වූ පසු පිරිස පිටත්ව ගොස් ඇත.

කෙසේ වෙතත් කාළි මෑණියන්ගේ ශාපයෙන් මිදීමට මර්වින් සිල්වා මහතා නොපැමිණ වෙනත් පිරිසක් යොදවා අනුකම්පාව ලබා ගැනීමට පූජාවක් කලත් එළිච්චියන් බිළිදෙන සම්මතයක් නැති හෙයින් ඇමතිවරයා කාළි මෑණියන්ගේ බලය ඉතාම හොඳින් දන්නා බැවින් ළඟදීම ඒ මහතාම පැමිණ කාළි මෑණියන්ගෙන් සමාව ගැනීම ස්ථිර බවත් කාලි කෝවිලේ ප‍්‍රධාන පූජක කාලිමුත්තු ශිව පාක්‍ය සුන්දරම් පවසයි.
 
Related Posts with Thumbnails