Ads 468x60px

.

වත්සලාගේ අඩව්වේ තරම

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ ‘නිරාශා’ ලෙස ජනපි‍්‍රයත්වයට පත් ටෙලිනිළි වත්තලා දියලගොඩ අඩවුවක් අල්ලා ඇතැයි වාර්තා වේ.වත්සලා මෙම අඩවුව අල්ලා ඇත්තේ නාලන් මෙන්ඩිල්ගේ අලුත්ම මෙගා ටෙලිය වන ‘දූවරු’ රූගත කිරීමකදීය.වත්සලාගේ අඩවුවේ බරපතලකම කොතෙක්ද යත් එම අඩවුවෙන් පසුව ඇය රෝහල්ගත කිරීමටද සිදුව ඇතැයි පැවසේ.


සිද්ධියෙන් ඇගේ අතක ස්ථියක් බිඳී ඇතැයිවාර්තා වේ.‘දූවරු’ ටෙලියේ වත්සලාට සිදුවී ඇත්තේ තරමක දගකාර චරිතයක් රගපෑමටය.ඒ අනුව ඇයට යතුරුපැදියක් පැදගෙනයාමේ දර්ශනයකට පෙනී සිටීමට සිදුව තිබේ.මේ දර්ශනය සම්බන්ධයෙන් එම ටෙලියේ අධ්‍යක්‍ෂ නාලන්, වත්සලාට යතුරුපැදියක් පැදීමට පෙර පුහුණු වන්නට උපදෙස්දී තිබූ බවද පැවසේ.

යතුරුපැදිවල පිටුපස අසුනේ පමණක් යන්නට දන්නා වත්සලා යතුරුපැදියක් පැදීමට යාමෙන් අදාළ අනතුර සිදුව තිබේ.සිද්ධියෙන් ති‍්‍රරෝද රියකටද හනි සිදුවී ඇති අතර, වත්සලා පැදගෙනගොස් අනතුරටපත් වූ යතුරුපැදියට රෝද හතරක් තිබූ එකක් බවද වාර්තා වේ.ඊට හේතුවී ඇත්තේ වත්සලාට යතුරුපැදිය පෙරළා නොගෙන පැදීමට නොඑසේ නම් ඇගේ ආරක්‍ෂාවට පිටපස රෝදයට දෙපැත්තෙන්  අමතර රෝද දෙකක් සවිකරදී තිබූ බවද පැවසේ.
 
Related Posts with Thumbnails