Ads 468x60px

.

අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් ජනරාල් කම්පාවට පත්වෙයි

බන්ධනාගාර ගතකොට සිටින ජෙනරල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ ඔහුගේ අනුගාමිකයින් අතර දැඩි මත ගැටුමක් හටගෙන තිබේ.ජනරාල් නිදහස් කර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහදව,
එකඟතාවයක් ඇතිකර ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුලූ කිපදෙනෙකුගේ අදහස වී ඇති අතර, ජනරාල් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ මතය වී ඇත්තේ, ජනරාල්ට වූ අසාධාරණය පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට එරෙහිව අරගලයක් හරහා ජනරාල් නිදහස් කර ගත යුතු බවයි.

ජනරාල් නිදහස් කර ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා, පසුගිය 10දා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ මැටිඅම්බලම හංදියේ කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ මෙම අභ්‍යන්තර ගැටුම උග්‍රවී තිඛෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.ඒ අනුව ඊයේ ජනරල් ෆොන්සේකා මහතා බැහැදැකීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇති ටිරාන් අලස් මහතා, තමන් විසින් ජනරල් නිදහස් කර ගැනීම සඳහා සිදුකෙරෙන වැඩි පිළිවෙලට බාධාවන අයුරින් ජනරාල්ගේ අනුගාමිකයින් තවදුරටත් කටයුතු කරන්නේ නම් තමා එම කටයුතුවලින් ඉවත්වන බවට ජනරාල්වරයාට දැනුම් දී ඇත.
කෙසේ වුවද, මෙම අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් ජනරාල්වරයා බලවත් සේ කම්පාවට පත්ව සිටින බව අප වෙත වාර්තාවේ.
 
Related Posts with Thumbnails