Ads 468x60px

.

හිතවතුන් සමඟ සාධාරණ ලෙස බෙදා හදාගෙන කන්න - මර්වින්ට උපදෙස්

ලැබෙන දෙයක් තම හිතවතුන් සමඟ සාධාරණ ලෙස බෙදා හදාගෙන කන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, මර්වින් සිල්වා අමාත්‍යවරයාට ඊයේ රාත්‍රියේ පවසා ඇත.ටික දිනක් කිසිදු මාධ්‍යකට ප්‍රකාශ ලබා නොදී වහන් වන්නැයි ඇමතිවරයාට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා, කැලණියේ ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් සමඟ අනවශ්‍ය ගැටුමකට නොයන්නැයිද දැනුම් දී ඇත.


ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් පසු, කැලණියේ මතු වී ඇති ගැටුම සම්බන්ධයෙන් ඇමතිවරුන් කිපදෙනෙකු සමඟ සුහද කතාබහක යෙදී ඇති ජනාධිපතිවරයා, වංචනික ලෙස උපයා ගත් මිල මුදල් ඛෙදා ගැනීමේදී ඇති වූ ප්‍රශ්නයක් මත මෙම ගැටුම හටගෙන ඇතැයි පවසා තිබේ.කැලණිය ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලූ එහි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයක් අයතා ලෙස රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ඇති බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා, ඔවුන් සියලූ දෙනාම පාහේ රැය ගත කරන්නේ කැසිනෝ ශාලාවල සහ කරෝකී ශාලාවල බවද තමා වෙත වාර්තා වී ඇතැයි පවසා තිබේ.

කැලණිය ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා, කොල්ලූපිටියේ ප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක ශ්‍රේෂ්ඨ ගණුදෙනුකරුවකු බවත් ඔහු බොහෝ දිනවල ලක්ෂ ගණනින් පරදින බවටත් වාර්තා වී ඇතැයි සඳහන් කර ඇති ජනාධිපතිවරයා, ඔහු අතේහි වූ ලිපි ගොනුවක් පෙරලමින් පවසා ඇත්තේ එම කැසිනෝ ශාලාවේ ඔහුගේ සාමාජික අංකය 9620 බවය.කෙසේ වුවද මෙම ප්‍රශ්නයට තමා අත නොගසන බව පවසා ඇති ජනාධිපතිවරයා ඊට අදාළ කටයුතු මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම සහ බැසිල් රාජපක්ෂ යන අමාත්‍යවරුන්ට පැවසූ බව සඳහන් කර තිබේ.
 
Related Posts with Thumbnails