Ads 468x60px

.

මට මතකයි ඒකෙ රවුම් ඇණ 4 ක්‌ තිබුණා - රණතුංග

අපි ජීවත්වෙලා ඉන්න කාලෙම මෙහෙම දැකීම හරිම වේදනාවයි. මම මැරිච්ච කාලෙක මේවා වුණා නම් කමක්‌ නැහැ. මට විශ්වාසයි '96 කණ්‌ඩායමේ හිටපු සෙසු සාමාජිකයන් 13 දෙනාත් මේ සම්බන්ධව කනගාටු වෙනවා කියන එකද යනුවෙන් සඳහන් කළේය.


මෙහිදී ගැලවී ගොස්‌ තිබෙන ඇණ පිළිබඳවද මතකය අවදි කළ හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායකයා එම කුසලානයෙහි ශ්‍රී ලංකා ජාතික කොඩිය තියෙන තැන පිළිබඳව තමා සැලකිල්ලක්‌ දැක්‌වූ බවත්, ඒ අනුව අතුරුදන්වී තිබෙන ඇණ පිළිබඳව මතකය තමා සතුව පවතින බවත් සඳහන් කර සිටියේය.

"මට මතකයි ඒකෙ රවුම් ඇණ 4 ක්‌ තිබුණා. මොකද ඒක ගැන හොඳට මතක්‌ වෙන්නේ අපේ කොඩිය තියෙන තැන ඒ කාලෙදී අපි හොඳින් නෝටිස්‌ කළ නිසයි. අපේ කොඩිය තියෙන්නෙ හරියටම කෙළින්ම පල්ලෙහා. ඒක නිසා ඔය නැතිවෙලයි කියන ඇණ ගැන මට හොඳ මතකයක්‌ තියෙනවා" යනුවෙන් 1996 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දීමට සමත්වූ නායක රණතුංග මහතා අදාළ කුසලාන පිළිබඳ මතකය අවදි කළේය.

ඊයේ දිනයේදී මේ සම්බන්ධව තමාට විශාල දුරකථන ඇමතුම් ගණනාවක්‌ පැමිණි බවත් ඒ අතර දැයට කිරුළ ප්‍රදර්ශනය නැරඹූ පිරිසද තමා සමග කතා කළ බවත් සඳහන් කර සිටි රණතුංග මහතා ක්‍රිකට්‌ ඉතිහාසයේ වටිනාම කුසලාන කිසිදු සැලකිල්ලක්‌ නොදක්‌වමින් ප්‍රදර්ශන භූමියේදී තබා තිබූ බව ඒ කතා කළ බොහෝ දෙනා තමාට පැවසූ බව සඳහන් කර සිටියේය.

"මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ වටිනාකමක්‌ දන්නෙ නැති පුද්ගලයෝ මේවට ඇවිල්ලා ඉන්න නිසයි. එයාලට මේවායේ වටිනාකමක්‌ නැත්නම් මේවා අපිට භාර දෙන්න අපි ගෙවල් වල තියල පරිස්‌සම් කරන්නම්. එහෙමත් නැත්නම් කෞතුකාගාරයේ තියල ඕක පරිස්‌සම් කරන්න පුළුවන්'.

"මට මතකයි ඕක මම අපේ ගෙදර ගෙනිච්චා. ගාමිණී දිසානායක මහත්මයාගේ ගෙදර අරන් ගිහිල්ල කෙළින්ම මම ඕක අරගෙන අපේ ගෙදර ගියා. එහිදී මම ඕක තිබ්බේ කබඩ් එකක්‌ ඇතුළට දාලා. එහෙමයි අපි මේවා පරිස්‌සම් කළේ" යනුවෙන් රණතුංග මහතා සඳහන් කළේය.

මෙහිදී අවසන් වශයෙන් අදහස්‌ දක්‌වා සිටි ඒ මහතා විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීම හේතුවෙන් තමා දිනා දුන් කුසලානය ඉතිහාසයෙන් මකා දැමීමට කිසියම් පිරිස්‌ උත්සාහ ගන්නා බව තමාට හැඟීයන බවත්, එහිදී තමාට පැවැසීමට ඇත්තේ ක්‍රිකට්‌ ක්‍රීඩාව සහ දේශපාලනය කිසි විටකින්වත් පටලවා නොගන්නා ලෙසයි.

මේ අතර ලෝක කුසලානයෙහි අතුරුදන්ව තිබෙන ඇණ දෙක සවි කොට තිබූ ප්‍රදේශය පිළිබඳව පැහැදිලිව නිරීක්‍ෂණය කිරීමේදී දැක ගැනීමට හැකි තවත් කරුණක්‌ වන්නේ එම සිදුර ආශ්‍රිත ප්‍රදේශය කිසියම් උල් තුඩක්‌ වැනි දෙයකින් සීරිමකට පත්වී තිබෙන බවයි.
 
Related Posts with Thumbnails