Ads 468x60px

.

අද කොටුවත් යුධ පිටියක් වෙයි - උද්ඝෝෂණයට කඳුළු ගෑස්

ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් විසින් අද(17) කොළඹ දී පවත්වන ලද උද්ඝෝෂණයට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන එහිදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ..


කොළඹ
, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවූ ඔවුන් පසුව ටෙලිකොම් වටරවුම දෙසට ඉදිරියට ගමන් කල අවස්ථාවේදී පොලීසිය මෙම කඳුළු ගෑස් සහ ජල කදම්භ ප‍්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරියේය.

මේ
වනවිටත් පිටකොටුව  ඕල්කට් මාවතේ මංතීරු දෙකම මෙම උද්ඝෝෂණය හේතුවෙන් වසා දමා ඇත.



විපක්ෂ
නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමග  ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, නව වාමාංශික පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය, නව සිහල උරුමය ඇතුලූ දේශපාලන පක්ෂ ගණනාවක්ද, නිදහසේ වේදිකාව ජනතා ව්‍යාපාරයද එක්සත් කම්කරු සම්මේලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා කොංග‍්‍රසය, ජාතික සේවක සංගමය, රාජ්‍ය සේවා ජාතික වෘත්තිය සමිති සම්මේලනය, ලංකා ජාතික වතුකම්කරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය සහ ජාතික සෞඛ්‍ය සේවක සංගමය ද මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
 
Related Posts with Thumbnails