Ads 468x60px

.

සෝනු නිගම් ලංකාවේ ලයිව් ඉන් කොන්සර්ට් සංගීත ප්‍රසංගයක

ලෝක ප්‍රකට ඉන්දීය ගායක සෝනු නිගම් අද අලුයම දිවයිනට පැමිණියේය.හෙට කොළඹදී පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි ඔහු පිළිගැනීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියේය.




සිය පියා සමග අවුරුදු 3දී වේදිකාවට පිවිසි ඔහු සංගීත දිවිය ආරම්භ කළේය.
මේ වනවිට සංගීත සම්මාන 40කට අධික සංඛ්‍යාවක් දිනා ඇති සෝනු නිගම් මේ වනවිට නිකුත් කර ඇති ගීත ඇල්බම සංඛ්‍යාව 40 කට අධිකයි.

38 හැවිරිදි සෝනු නිගම් හින්දි, දෙමළ, ඇසෑම්, පන්ජාබ්, බෙංගාල, මරාති, තෙළිගු ඇතුළු භාෂා රැසකින් ගීත ගායනා කර තිබේ.



1973  ජූලි 30 වෙනි දින හර්යානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද්හිදී උපත ලද සෝනු යනු ඉන්දියාවේ එක් ජන කොට්ඨාසයක පමණක් ආදරය දිනූ අයෙකු නොවේ. චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට ආ ඔහු  හින්දි ගීතවලට අමතරව කන්නඩා චිත්‍රපට මෙන්ම දමිළ ඇසෑම්, පන්ජාබ්, තෙලිඟු බෙංගාලි, මරාති භාෂාවලින් ගී ගයා තිබීම සුවිශේෂත්වයකි.


එලෙසින් ගායන ලෝකය බැබළ වූ සෝනු ගායක‍යෙක් පමණක් නොවේ, සංගීත අධ්‍යක්ෂකවරයකු, රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන්ම රංගන ශිල්පි‍යෙක්වෙයි. ගායන දිවියට අවතීර්ණව ඇත්තේ වයස අවුරුදු තුනේදීය.

















 
Related Posts with Thumbnails