Ads 468x60px

.

ඒක කිව්ව ගමන් මගේ හිටපු යකා එළියටම පැන්නා - දමිතා

වෙබ් අඩවියක් මගින් "චම්පා හා දමිතා සොභිතගේ ඔඩොක්කුවේ" යනුවෙන් දමිතාගේ හා චම්පා කල්හාරිගේ ජායාරුප සහිතව පල කල ලිපියකට එරෙහිව දමිතා අබේරත්න එම වෙබ් අඩවියට විරුද්ධව නඩු මඟට පිවිසි පුවතක් මීට පෙර ගෙන ආවා. එම පුවතට හේතුවූ කරුණු පිළිබඳව ඇය පසුගියදා රූපවාහිණී සාකච්ජාවකට සහභාගී වෙමින් හෙළි කර සිටියේ මෙලෙසින්.


"දැන් අවුරුදු 8කට විතර කලින් මගේ සහෝදර ශිල්පිණියක් මියුසිකල් ෂෝස් 2ක් දුන්නා. මොකද ඇය විදේශ ගත වන නිසා ඒ ෂෝ දෙක ගිහින් කරන්න කියලා. අවිස්සාවේල්ලේ සහ රුවන්වැල්ලේ ෂෝස් දෙකක්.


අවිස්සාවෙල්ලේ ෂෝ එකට ගියාම කෙනෙක් ඇවිල්ලා මම සිංග් කලාම මට අදාළ මුදල් ගෙවලා ගියා. දෙවැනි ෂෝ එක රුවන්වැල්ලෙ කියලා ගිය තැන ලොකු ගෙදරක විවෘත කිරීමක්.

ඉස්සෙල්ලම මම මල්ලිව යැව්වා බලන් එන්න මොකද කියලා. මල්ලි ඇවිත් කිව්වා අක්කේ ගෙදරක ඕපනින් එකක්ද කොහෙද ස්ටේජ් එකට යන විදිහ මම බලාගෙන ආවා කියලා. මම ගිහින් සින්දු කියලා බහිනකොටම මම දැක්කේ දකින්න ආස සිද්ධියක් නෙවෙයි.

සිවුර දාගත්ත චීවරධාරියෙක් අරක්කු කේස් එකක් තවත් පිරිමි ළමයෙකුත් එක්ක අරගෙන නිවසට යනවා. මේ බෞද්ධ ආගමිකයෙක් විදියට මම දකින්න කැමති එකක් නෙවෙයි. පස්සේ මට සල්ලි දෙන්න ආවෙත් ඒ චීවරධාරියාම තමයි".

ඇවිල්ලා සල්ලි දීලා අතට අතත් දෙනවා. ජීවිතේ අපි අහලත් නෑ දැකලත් නැහැනෙ එහෙම ඒවා. මට කිව්වා නෝනා මේ මගේ ගේ කියලා. මම කිව්වා "මේ වගේ ගෙවල් හදාගෙන මෙහෙම ඉන්නනම් සිවුර දාගෙන ඉන්න ඕනෙ නෑනෙ කියලා. සිවුර ගලවලා ඒවා කරන්න" කියලා.

මට දවස් හතරකට විතර පස්සේ කෝල් එකක් එනවා "පරිස්සමෙන් ගෙදර ආවද" කියලා අහලා. මම කිව්වා "මම ඉතාම පරිස්සමින් ගෙදර ආවා. මම ගැන හොයන්න කරන්න අවශ්‍ය නෑ" කියලා.

සතියකට විතර පස්සෙ ආපහු කෝල් කලා. ඒ වෙලාවේ මම කියන්න ඕනෙ ටික ඔක්කොම කිව්වා. මගේ පන්සලේ හාමුදුරුවොනම් ඔය ටික කළේ සිවුර ඔතල දුවනකන් ගහනවාමට එච්චර හයියක් තියෙනවා. හැබැයි රුවන්වැල්ලේ මිනිස්සුන්ට කොන්ද පණ නැති එක ගැන මම දුක් වෙනවා.

එතකොට හාමුදුරුවෝ මගේ ක්ෂේත‍්‍රයේ අය ගැන කියන්න ආවා. මගේ ක්ෂේත‍්‍රයේ ඉන්න අයට එක කෝල් එකක් දුන්න ගමන් එයා ලඟට එනවා කියලා. ඒක කිව්ව ගමන් මගේ හිටපු යකා එළියටම පැන්නා.



 
Related Posts with Thumbnails