Ads 468x60px

.

ජැකලින්ට හොලිවුඞ් රිදී තිරයට එක්වීමට ආරාධනාවක්

ශී‍්‍ර ලංකා රූ රැජින (2006) සහ ජනපි‍්‍රය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගේ රංගන දිවිය නව තලයකට යාමට නියමිත බව වාර්තා වේ.ඊට හේතුව ඇයට හොලිවුඞ් රිදී තිරයට එක්වීමට ආරාධනාවක් ලැබීමයි.
ජේම්ස් සිම්ප්ස්න් ගේ මංගල අධ්‍යක්‍ෂණය වන ‘ඩෙෆිනීෂන් ඔෆ් ෆියර්’ නම් චිත‍්‍රපටයේ රඟපෑම සඳහා ඇයට ආරාධනා ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජැකලින් පවසා ඇත්තේ තමාට මේ සඳහා ආරාධනයක් ලැබුණු නමුත්, එය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බැවින් ඒ පිළිබඳව නිල වශයෙන් පසුව පවසන බවත්ය.
 
Related Posts with Thumbnails