Ads 468x60px

.

පාපුවරුව කඩාගෙන වැටීම හේතුවෙන් තරුණයා දුම්රියට බිලි

මගේ කකුල් කැඩිලද..?
ක්මනට මාව රේල් පාරෙන් අයින් කරන්න. 
වේයන්ගොඩ ප්‍රදේශයේදී දුම්රියෙන් බැසීමට පා පුවරුවට ගොඩ වූ අවස්ථාවේදී එම පාපුවරුව කඩාගෙන වැටීම හේතුවෙන් තරුණයා දුම්රියෙන් ඇද වැටි ඇත.කොළොඹ සිට වව්නියාව බලා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටීමෙන් අද පස්වරුවේ තරුණයකු ජීවිතක්ෂයට පත්විය.



දුම්රියට හසු වීමෙන් අනතුරුව ඔහුගේ දෙපා ශරීරයෙන් වෙන්ව තිබුන අතර අනතුරෙන් පසුව තමා වටා එක්වූ පිරිසගෙන් තරුණයා විමසා ඇත්තේ තමාගේ කකුල් කැඩී ඇත්දැයි යන වගයි.ඉන්පසු තමා දුම්රිය මාර්ගයෙන් ඉවතට ගන්න ලෙසත් ඔහු රැස්ව සිටි පිරිසට කියා ඇත.



එම අවස්ථාවේම ඔහු රෝහල්ගත කලත් එම තරුණයා ජිවිතක්ෂයට පත්ව ඇත.මෙලෙස දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත්වුයේ වේයන්ගොඩ එළුව පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.


ජායාරුප : සිරස නිව්ස් ෆස්ට් 
 
 
Related Posts with Thumbnails