Ads 468x60px

.

කෞතුකාගාරයත් ඉවරයි - බඩු හොරු ගෙනියනකන් මොකද කලේ

කටුගෙට හොරු පැනලා....
කඩු 7කුත් නැතිවේ.... කඹයක ආධාරයෙන් බැහැලා...


කොළඹ ජාතික කෞතුකාගාරයට පෙරදින රාත්‍රියේ ඇතුළු වූ හොරුන් පිරිසක් කෞතුක වස්තු කිහිපයක් ගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි. 16 සහ 17 වැනි සියවස්වලට අයත් කඩු හතක්, රන්බඩු, ඉපැරැණි කාසි තොගයක් කොළඹ කෞතුකාගාරයෙන් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. කෞතුකාගාරය ඇතුළේ සහායක් නොමැතිව එහි ඇතුල් වීමට ඇති ඉඩ කඩ ගැන පොලිසිය සැකකරයි.



සොරුන් කෞතුකාගාර ගොඩනැගිල්ලේ වහලයේ උළු ගලවා කඹයක ආධාරයෙන් ප්‍රදර්ශන භාණ්ඩ තිබූ කුටියට බැස ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි. මේ සොරකම සැලවූ විගස මාධ්‍ය ඇතුළු විශාල පිරිසක් කෞතුකාගාර අසලට රස්වූ නමුත් කිසිවකුටත් එහි ඇතුළු වීමට ඉඩ ලැබුනේ නැත. 


රහස් පොලිසිය ද එහි කැඳවා තිබේ.පෞරාණික භාණ්ඩ, කඩු, කඩු මිටි, හා ශ්‍රි ලංකාවේ මහනුවර යුගයේ භාවිතා වූ බව කියන කාසි විකිණිමට කිසියම් අයකු උත්සහා කළ හොත් ඒ බව පොලිසියට දන්වන්නැයි පොලිස් මධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඉල්ලයි. 


කෞතුකාගාරයේ ඉපැරැණි භාණ්ඩ සොරුන් පිළිබඳව වැදගත් තොරතුරු ලැබී ඇති බවත් එහි ආරක්ෂක කැමරා ද තිබෙන බවත් ඩී එන් ඒ පරීක්ෂණයකින් හොරුන් අල්ලා ගත හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. 


කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා නන්දා වික්‍රමසිංහ මහත්මිය මාධ්‍යයට පැවැසුයේ පරීක්ෂණ කටයුතු සඳහා කෞතුකාගාරය 18 වනතුරු වසා තබන බවයි. සොරාගෙන ගොස්  ඇත්තේ මහනුවර යුගයට අයත් භාණ්ඩ බව ද අධ්‍යක්ෂවරිය කීවාය.




 
Related Posts with Thumbnails