Ads 468x60px

.

මනුෂගේ ජීවිතයේත් නැවුම් පිටුවක්

මට මගේ ජීවන සහකාරිය මුණ ගැහුණා.
ඇය එංගලන්තයේදී මට මුණ ගැහුණේ.
ඇය ශානිකා.

මෙතෙක් කල් රහසක්ව පැවතුන මනුෂගේ විවාහ ජීවිතය පිළිබඳව මේ සති අන්තයේ රසදුන ටැබ්ලොයිඩ් පුවත්පතට අදහස් පලකොට තිබෙනවා.

මනුෂ ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වූ අතර 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමේදී ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයට එක්විය.



මනුෂ ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදී සිසුවෙක් මෙන්ම දක්ෂ මාධ්‍යවේදියෙකුද විය.ඔහුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ තොරතුරු රැසක් අප සතුව පැවතුනත් මෙම අවස්ථාවේදී හෙලිනොකොට ඔහුට සුබ පැතීම අපේ අදහසයි.මනුෂ එම පුවත්පතට ලබා දුන් සාකච්චාව බලන්න පහතින්


පසුගිය වකවානුවේ ඔබ දේශපාලනමය වශයෙන් පිම්මක් පැන්නා. මේ මෑතකදීත් ඔබේ ජීවිතයේත් නැවුම් පිටුවක් පෙරළුණා කියලා ආරංචියි.
දේශපාලන වශයෙන් මම තීරණාත්මක තීන්දු අරගත්තා. මොකද මම දේශපාලනයට ආවේ රටට වැඩක් කරන්න හිතාගෙන. ඒ සඳහා ජනාධිපතිතුමා ගන්නා මෙහෙයට ශක්තියක් විය යුතුම කාලේ මම ඒ දායකත්වය ලබා දෙන්න තීරණය කළා.

ඒ වගේම ජීවිතයේත් හැම වෙලේම මම උත්සාහ කරන්නේ සතුටින් ජීවත් වෙන්න. ඒ සතුට අපි හැමෝම බලාපොරොත්තු වෙනවා. මට මගේ ජීවන සහකාරිය මුණ ගැහුණා.

ඇය එංගලන්තයේදී මට මුණ ගැහුණේ. කාලයක් තිස්සේ දැන හඳුනාගෙන පසුගිය වසරේ අපි විවාහ වුණා. ඇය ශානිකා සූරියආරච්චි. රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරික පවුලක දියණියක්. පවුල් ජීවිතේ සමබරව ගෙනයන අතරේ රටට සේවයක් කරන්නයි අද මගේ එකම අරමුණ.

කලින් කලට විවිධ කටකතාවලට ලක්වෙන්නත් වෙබ් අඩවිවල විවිධ පුවත් මවන චරිතයක් බවට පත්වෙන්නත් ඔබට සිදුවුණා.
ඔව් මඩ ගහනවා, කටකතා හදනවා. එහෙම කළා කියලා මිනිස්සු මට ඡන්දෙ නොදී ඉඳලා නැහැ. ජනාධිපතිතුමා වැඩ කරන්න නොදී ඉඳලා නැහැ. ඔය වෙබ් අඩවි සම්බන්ධයෙන් මම පාර්ලිමේන්තුවේ කළ කතාවලට ඒ වෙබ් අඩවිවලින්ම මට ප්‍රතිචාර දක්වලා තිබුණා.

ජනපි‍්‍රය චරිතයකට නොයෙක් මඩ ප්‍රචාර එල්ල කරලා ඒ වෙබ් අඩවි ජනපි‍්‍රය කරගන්න ඔවුන් උත්සාහ කරනවා. මොකද එහෙම නැතිව එයාලට ඒවා මාර්කට් කරගන්න බැහැ.


හොඳයි තරුණ ක්‍රියාකාරී මන්ත්‍රීවරයකු විදිහට අද තරුණ පරම්පරාව පිළිබඳ දැක්මක් ඔබට ඇති.
ඇත්තටම අද හොඳ තරුණ පරම්පරාවක් අපට ඉන්නෙ. දේශපාලනය තුළත් එහෙමයි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ප්‍රමුඛ තරුණ පරම්පරාවක් ගොඩනැගිලා තියෙනවා. මෙය ඉතාම සාර්ථක ආරම්භයක්. මේ රට භාරගන්න සූදානම් පිරිසක් බිහිවීම ඉතාම හොඳයි.

මේ රටේ සංවර්ධනයට නව ආකල්පමය දැක්මක් තියෙන තරුණ පරම්පරාවක් බිහිවිය යුතුයි. විශේෂයෙන්ම රටට ආදරය කරන, මේ රටට ණය නැති මිනිසකු විදිහට ගොඩනැඟීමයි අවශ්‍ය. ඒ දේ සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ මම මේ වෙනකොට සිදු කරමින් යනවා. ඇත්තටම එය දේශපාලන කාර්යයකට වඩා යුතුකමක් විදිහටයි මම දකින්නෙ.



 
 
Related Posts with Thumbnails