Ads 468x60px

.

සැත්කම් සියල්ල කර අවසන්. ඒත් තාම රෝද පුටුවේ ඉන්නේ - ඇමැති කෙහෙළිය

දෙපාවලට බරක්‌ ඔරොත්තු දිය හැකිද කියා දැන් පුහුණුවීම් කරගෙන යනවා.
දැනට පුහුණුව සාර්ථකයි.
 
වෛද්‍යවරුන්ගේ උපදෙස්‌ මත දෙපාවලට බරක්‌ උසුලාගත හැකි ප්‍රමාණයට මේ දිනවල පුහුණුවීම් කරගෙන යන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල අමාත්‍යවරයා ඊයේ (16 වැනිදා) දුරකථනයෙන් ප්‍රකාශ කළේය.


තත්ත්වය සුව අතට හැරී ඇත්දැයි කියා ඇසූ පැනයකට පිළිතුරු දුන් ඇමැතිවරයා, සැත්කම් සියල්ල කර අවසන්. ඒත් තාම රෝද පුටුවේ ඉන්නේ. ලබන 23 වැනිදාත් 30 වැනිදාත් දක්‌වා අතර දිනකදී ශ්‍රී ලංකාවට මං එනවා. එතෙක්‌ දෙපාවලට බරක්‌ ඔරොත්තු දිය හැකිද කියා දැන් පුහුණුවීම් කරගෙන යනවා. දැනට පුහුණුව සාර්ථකයි.

මා නතර වී සිටි හෝටලයේ සන්නිවේදන කටයුතු හරි හැටි ක්‍රියාත්මක නොවූ නිසා මට මේ අනතුර වුණා. නීති උපදෙස්‌ පරිදි එම හෝටලයෙන් මට සිදුවූ පාඩුව ඉල්ලා ඔවුන්ට දැනුම් දුන්නා.සාකච්ඡා මගින් ප්‍රශ්න විස¹ ගනිමු යෑයි ඔවුන් දැනුම් දුන්නා.

ශ්‍රී ලංකාවට පැමිණි වහාම මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වීමට තීරණය කළ බව කෙහෙළිය රඹුක්‌වැල්ල ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
 
Related Posts with Thumbnails