Ads 468x60px

.

භච්චන් බේබිගේ කලින් නම අභිලාෂා වුනත් පස්සේ ආරාධ්‍යා වුනේ කොහොමද ..?

නමේ  තේරුම පළමුවැන්නා නැත්නම් 
පිදීමට සුදුස්සා  යන්නයි ලු

පසුගිය වසරේ නොවැම්බර් මස 16 වැනිදා උපන් අභිශේක් අයිශ්වර්යා යුවලගේ දියණියගේ නම මේ වන විට මාධ්‍යයට අනාවරණය කොට ඇත.ඇය ‘‘ආරාධ්‍යා භච්චන්’’ ලෙසින් නම් කර තිබේ.


මෙම නමේ  තේරුම පළමුවැන්නා නොමැති නම් පිදීමට සුදුස්සා  යන්නයි ‘‘ ආරාධ්‍යා’’ යන්න සංස්කෘත කණ්ඩයකින් උපුටාගෙන ඇත.
ගෙවී ගිය මාස හතරක කාලය තුළ ඇගේ නම කුමද්ද යන්න දැන ගැනිමට  මාධ්‍යයට අවස්ථාව උදා නොවූණි’  ඒ හේතුවෙන් විවිධ නම් අනුමාන කරමින් මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් කළද නිවැරදි නම හෙළිකර ඇත්තේ මෙවර බව වාර්තා වේ.

කෙසේවවුද පසුගිය කාලයේ අයිශ්ගේ දියණිය ‘අභිලාෂා’ ලෙස නම්කර ඇති බවට ද රාවයක් තිබිණි.අභිලාෂාගේ මව හා පියා වන ඓශ් හා අභිෂේක්ගේ මුල් අකුරු එකට එක්කරමින් මෙම නම යොදා තිබෙන බවද මාධ්‍ය අනාවරණය කර තිබිණි.

මෙම නම තැබූ දිනයේදී සිය නෑදෑයන්ට ඓශ් හා අභිෂේක් රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක් ද ලබාදුන් බවද වාර්තා විය.කෙසේවුවද අයිශ්ට ගැබ්ගෙන සිටින විට ඇයට ලැබෙන්නට සිටින්නේ නිවුන් දරැවන් බවට ද රාවයක් පැවැතිණි.මෙසේ මාධ්‍ය අභිෂේක් හා අයිශ්ගේ දියණිය  ගැන මාධ්‍ය වැඩි උනන්දුවක් දක්වූයේ ඔවුන්ට ඇති අසීමිත ජනපි‍්‍රයත්වය නිසා බව නිසැකය.


 
Related Posts with Thumbnails