Ads 468x60px

.

සියලූම ඇකැප දේවල්වලින් මම ඉවත්වෙලා ඉන්නේ – පුෂ්පිකා

ට පෙම්වතෙක් ඉන්නව.
ඒ ගැන වැඩිය කතාකරන්න කැමති නෑ.
මං සත්තුන්ට ආදරෙයි.

කාන්තා රූපශ‍්‍රීය තුළින් ජාත්‍යන්තරය ඉදිරියේ ඇය ශ‍්‍රී ලංකාවට අභිමානය එක්කළාය. 2011 වර්ෂයේ මිස් ශ‍්‍රී ලංකා තරගයේදී සුරූපිණියට හිමි කිරුළ පැළදුවේද ඇයයි. 

එපමණක් ද නොව ශ‍්‍රී ලාංකේය සිනමාවට එකතුවන ඉතිහාසගත කතාන්දර අතර නවතම මුහුණුවරවන ‘සිරි දළදා ගමනයේ’ හේමමාලා කුමරියද ඇයයි. 

ඒ අන් කවරේකු හෝ නොව පුෂ්පිකා සඳමාලිය. නැතිනම් ඉදිරියේදී සිංහල සිනමාවට අත්පොත් තබන්නට සැරසෙන්නියයි. මේ ඇගේ තොරතුරු බෙදා හදාගත් අයුරුයි.


පුෂ්පිකා, රූප රාජිනියක් වීම ඔබේ සැබෑවුණු හීනයක්ද?

ඇත්තටම, මම පොඩි කාලේ ඉඳලාම හිතුවා අපේ රටේ රූප රාජිනියක් වෙන්න ඔනේ කියලා හේතුව මම ඒ දවස්වල ඉඳලා ආසයි කොස්මැටික්, ඇඳුම් පැලදුම් වගේ ලස්සන ලස්සන දේවල්වලට. රූපෙ ගැන ගොඩක් හිතුවා. ඒ හරහා ඇති වුණු උනන්දුවේ ප‍්‍රතිඵලයක් තමයි 2011 වසරේ මිස් ශ‍්‍රී ලංකා වෙන්න ලැබීම.

මිස් ශ‍්‍රී ලංකා දක්වා ආපු ගමන මතක් කළොත්?
මම 2008 වසරේ නැචුරී බියුටි කුයින් වුණා. 2009 මිස් ශ‍්‍රී ලංකා තරගයට ඉල්ලූම් කළා. මට එතනදී ටොප් මොඩල්, මිස් ෆොටෝජෙනික් , මිස් පොපියුලර් යන අවස්ථා තුනම ජයග‍්‍රහණය කරා. නමුත් මට අනුශූරතාවයක්වත් ලැබුණේ නෑ.

පස්සේ 2010 වසරේත් ඉල්ලූම් කළා. එතනදි අවසාන පස් දෙනාට තේරුණා. ඒත් නතර වෙන්නේ නැතුව 2011 වසරේත් ඉල්ලූම් කරලා මට මිස් ශ‍්‍රී ලංකා වෙන්න පුළුවන් වුණා.

ඒ වගේම ලෝක ? රැජින තරගයේදී ‘බියුටි විත් ද පර්පස් ’ කියන අවස්ථාව ලංකාවට පළවෙනි වතාවට ජයග‍්‍රහණය කර දෙන්න පුුළුවන් වුණා. චීනයේ පැවති රූ රැජින වෙන්න තරගයකිනුත් විශේෂ ජයග‍්‍රහණයක් අත්කර ගන්න පුළුවන් වුණා.

පවුලේ විස්තරත් මතක් කළොත්?
අම්මයි තාත්තයි අයියයි, අක්කල දෙන්නයි ඉන්නවා. තාත්තා ව්‍යාපාරිකයෙක්. ගම පොලොන්නරුව. මම පාසල් ගියෙත් හැදී වැඩුණෙත් පොලොන්නරුවෙම තමයි.

මේ දවස්වල මොකද කරන්නේ?
සනත් අබේසේකර මහත්මයගේ ‘සිරි දළදාගමනය’’ චිත‍්‍රපටයට රංගන දායකත්වය ලබා දෙන්නට සූදානමින් ඉන්නවා. එකේ මට හේමමාලා කුමරියගේ චරිතය ලැබිලා තියෙන්නේ.

ආධුනිකයෙක් විදිහට ලංකාවේ බෞද්ධ ඉතිහාස කථාවක ප‍්‍රධාන චරිතය රගපාන එක අභියෝගයක් නෙමේද?
ඇත්තටම මේ චරිතය මට ලැබුණේ පෙර ආත්මයක කළ ලොකු පිනකට. මම ගොඩක් කැමැත්තෙන් චරිතය බාර ගත්තේ. ආධුනිකයෙක් විදිහට මට මේක අභියෝගයක් තමයි ඒ වුණත් බෑ කියලා දෙයක් නෑ. චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ වගේ බෞද්ධ චරිතයක් කරද්දී ලොකු කැපකිරීමක් කරන්න ඕනේ.
ඔව්, අධ්‍යක්ෂකවරයා මගෙන් මුලින්ම ඇහුවෙත් ඒ දේ. මම ඒ කැපකිරීම කරන්න සූදානම්.

ඔබ පේ වෙලාද ඉන්නේ ?
ඔව්, අපි ආගමට දහමට ලැදි පවුලක්. මස් මාංශ කෑම ඇතුළුව සියලූම ඇකැප දේවල්වලින් මම ඉවත්වෙලා ඉන්නේ.

ඒ කියන්නේ මේ දවස්වල නිරූපන කටයුතුවලිනුත් ඈත් වෙලාද?
ඔව්, මම මේ චරිතය මගේ ආත්මය බවට පත් කරගෙන ඉන්නේ. රූපගත කිරීම් ඉවරවෙනකම් මම හේමමාලා කුමරියම තමයි.

ඔබේ වෘත්තීය ජීවිතයත් එක්ක ඔබ බෞද්ධ වත් පිළිවෙත් රකිනවද?
ඔව්. මම උදේ හවස පන්සිල් සමාදන් වෙනවා. පෝයට පන්සල් යනවා. අවශ්‍ය දේවල් ඒ විදිහටම කරනවා.ඔබ බුදුපිළිමයක් ළඟ ? රැුජින තරගයෙන් ලැබුණු ඔටුන්න පැලඳගෙන පින්තූරයක් අරන් තිබුණා.
ඒක අත්වැරදීමක් එදා ගිරිතලයේ ඉඳලා පොලොන්නරුවට විවෘත රථයකින් මාව රැුගෙන ආවා. ගිරිතලේදී තමයි ඒ පින්තූරය ගත්තේ. 

හරිම කළබල දවසක් බුදුන් වැදලා යමු කියලා සංවිධායකයෝ කිව්වා. මට ඔළුවෙ තිබුණු ඔටුන්න අමතක වුණා. මම බුදුන් වදින වෙලාවට ඇතිවන භක්තියක් එක්ක ඔක්කොම අමතක වෙනවා. ඒ ඔටුන්න සාමාන්‍ය මනුෂ්‍යයෙක් පැළදගෙන පින්තූරයක් ගත්තනම් ලොකු ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ. කොහොම වුණත් මම බුදුන් වදින හැමවෙලාවේදීම ඒ ගැන සමාව ඉල්ලනවා.

හේමමාලා චරිතයට නිළියක් හොයන්න පත්තර වල දැන්වීම් දාලා තිබුණාත් කියලා ආරංචියි.එහෙමද, මම ඒ ගැන දන්නේ නෑ. මට අධ්‍යක්ෂකතුමාමයි කතා කළේ.

මේ සුවිශේෂී චරිතයට ඔබව තෝරා ගන්න හේතුව කුමක් කියලද හිතන්නේ.
මුලින්ම මගේ රූපය. ඒවගේම ගමකින් පැමිණීම සහ අපේ බෞද්ධ පවුල් පරිසරයත් හේතු වුණා කියලා මම හිතනවා.

නිළියක් වෙන්න රූපය ප‍්‍රමාණවත්ද?
නෑ. දක්ෂතාවයත් තියෙන්න ඕනේ.

ඔබ රඟපෑම ගැන හැදැරීමක් කරලා තියෙනවද?
තවම නෑ. මේ චිත‍්‍රපටයත් එක්ක ඒ පිළිබඳ හැදැරීමක් කරනවා.

මේ චිත‍්‍රපටය රඟපාන ප‍්‍රවීණයන්ගේ උපදෙස් ඔබට හයියක් වෙයි නේද?
ඔව්. අනිවාරයෙන්ම

කවුද දන්ත කුමරුට රඟපාන්නේ.
ඒක නම් දන්නේ නෑ. අධ්‍යක්ෂකවරයා ඒ ගැන තවම කියලා නෑ.

එයත් ඔබ වගේ ආධුනිකයෙක් වුණොත්.
ප‍්‍රවීණයෙක් වෙනවානම් ඇත්තටම හොඳයි. නමුත් මට ගුරුහරුකම් ගන්න පුළුවන් තවත් ප‍්‍රවීණ චරිත ඒ චිත‍්‍රපටයේ ඉන්නවා.

ඔබ ජාත්‍යන්තර තරගයකදී පැවසුවා පාරේ ඉන්න බල්ලෙක් හදාගන්න බලාරොත්තු වෙනවාකියලා. දැන් ගෙදර බල්ලෙක් ඉන්නවාද?
ඔව්, මයික් තමයි එයාගේ නම. මං සත්තුන්ට ආදරෙයි. කුරුල්ලන්ට තමයි මම ගොඩක්ම කැමති.

ඔබට පෙම්වතෙක් ඉන්නවද?
ඔව්, වැඩිය ඒ ගැන කතාකරන්න කැමති නෑ.

 
Related Posts with Thumbnails