Ads 468x60px

.

සමලිංගික චරිත රඟන්නියක ලෙස ප්‍රකට වූ සනී ලියොන්

මිනිස්සු මට පිස්සු කියලා හිතනවා ඇති.
ඒත් ‘ජිස්මි 2’ වෙනුවෙන් මං නොකරන දෙයක් නෑ.

ජිස්මි 2 සමඟින් බොලිවුඩයට නවක තාරකාවක් පායන්නීය. ඇය අමෙරිකානු, කැනේඩියානු සම්භවයකට හිමිකම් කියන සනී ලියොන්ය.තිස් හැවිරිදි සනී මේ දිනවල හින්දි බස හදාරන්නීය.

‘මට ඇහෙන හැම හින්දි වචනයක්ම යළි උස් හඩින් කෑගසා කියනවා. මිනිස්සු මට පිස්සු කියලා හිතනවා ඇති. ඒත් ‘ජිස්මි 2’ වෙනුවෙන් මං නොකරන දෙයක් නෑ’ සනී පවසන්නීය.


මුලින්ම ඇය ජර්මානු බේකරියක සහ ආදායම් බදු සහ විශ්‍රාම වැටුප් පිළිබඳ ආයතනයක සේවය කර තිබේ. පසුව මෝස්තර නිරූපිකාවක, සමලිංගික චරිත රඟන්නියක ලෙස ඇය ප්‍රකට වූවාය. 2011 දී ඉන්දියාවේ ‘බිග් බොස්’ රියැලිටි වැඩසටහනට සහභාගි වීමෙන් පසුව ‘ජිස්මි 2’ හි රඟන්නට ඇයට ඇරැයුම් ලැබුණි.
 
Related Posts with Thumbnails