Ads 468x60px

.

සුපර් සික්ස්’ ඉන්දීය දෙමළ චිත‍්‍රපටයක කොපියක්ද.. ?

ජනවාරියේදී සුපර් සික්ස් 
වෙනුවට කුස පබා තිරගත වුණා.
ඒකයි ඉතිං කල් ගියේ.


ශ‍්‍රී ලාංකේය වානිජ සිනමා ඉතිහාසය තුළ දැවැන්ත පෙරළියක් සිදුකිරීමට සූදානමින් සිටි යොවුන් චිත‍්‍රපට අධ්‍යක්ෂ උදාර පල්ලියගුරුගේ සුපර් සික්ස් චිත‍්‍රපටය එළඹෙන මැයි 17වැනිදා තිරගත වීමට නියමිතය. දීර්ඝ කාලයක් ලැයිස්තුවේ සිට තිරගතවන සුපර් සික්ස් පිළිබඳව අදහස් දැක්වීමට එක්වූ උදාර.



‘‘සුපර් සික්ස්’’ අති දැවැන්ත වානිජ චිත‍්‍රපටයක් මොකක්ද විශේෂත්වය?
මේ චිත‍්‍රපටය සදහා සිනමාස්කෝප් තාක්ෂණය යොදාගෙන තිබෙනවා. අති නවීන කැමරා තාක්ෂණය භාවිතා කළා. ඒ වගේම නළු නිළියෝ 600කට අධික පිරිසක් යොදා ගත්තා මට විශ්වාසයි මේ චිත‍්‍රපටය ලංකාවේ චිත‍්‍රපට ඉතිහාසයේ සියලූම ආදායම් වාර්තා බිඳ හෙළන බවට.


ජනවාරි මාසයේ නේද ‘සුපර් සික්ස්’ තිරගතවීමට නියමිතව තිබුණේ ජනවාරි මාසයේ නේද?
ඔව්, මම මේ චිත‍්‍රපටය 2010 වසරේ රූගත කළේ. චිත‍්‍රපට පෝලිමේ ඉන්න සිද්ධ වුණා. ජනවාරියේදී කුස පබා ‘සුපර් සික්ස්’ වෙනුවට තිරගත වුණා. ඒකයි ඉතිං කල් ගියේ.


චිත‍්‍රපට පෝලිම් පැනීම ගැන පසුගිය දා චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිතුමත් එක්ක කතා කළා නේද?
ඔව්, සභාපතිතුමා මේ වෙනුවෙන් යම් ක‍්‍රමවේදයක් ගොඩනගන්න උත්සාහ කරනවා. එතුමට ඒකට කාලයක් යයි. කොහොමත් කුස පබා කළින් තිරගතවුණ එක ‘සුපර් සික්ස්’ වලට වාසනාව ගෙන ආවා.


ඒ කොහොමද?
එකක් ජනවාරි කියන්නේ බෝතල් මාසේ. මිනිසුන්ට සල්ලි අඩුයි. වියදම් වැඩි මාසයක් නිසා. ඒ වගේම වැඩත් වැඩියි. ඉතිං චිත‍්‍රපට බලනවා අඩුයි. ඒ වගේම කුස පබා තිරගත වෙද්දී චිත‍්‍රපට ප‍්‍රවේශ පත‍්‍රවල මිල ඉහළ දැම්මා. කුස පබා නිසා ලංකාවේ චිත‍්‍රපට පේ‍්‍රක්ෂක පිරිස වැඩි වුණා.ඒවගේම මම හදලා තියෙන්නේ රජකතාවක්වත් යුද කතාවක්වත් නෙමේ. ඒක නිසා මගේ චිත‍්‍රපටය පිළිණු වෙන්නේ නෑ. මට ඕනනම් නියමිතව තිබුණු ජනවාරියේම චිත‍්‍රපටය තිරගත කරන්න තිබුණා. ඒත් ඒක මට අත්‍යවශ්‍ය දෙයක් වුණේ නෑ.


මේ චිත‍්‍රපටය ඉන්දියාවෙත් පෙන්වනවද?
ඔව්, බලාපොරොත්තුවක් තියෙනවා ඉන්දියාවෙන් නම් අපට මීට කළින් වුණත් පෙන්වන්න තිබුණා. ඞීවීඞී කොපි ලංකාවට එන නිසයි, මූල්‍යමය අතින් අවාසි වන නිසයි මේක ලංකාවේ පෙන්නලා ඉන්දියාවේ පෙන්වන්න තීරණය කළේ.


‘සුපර් සික්ස්’ ඉන්දීය දෙමළ චිත‍්‍රපටයක කොපියක්ලූ නේද?
ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්. ඉන්දියාවේ චිත‍්‍රපටයක කොපියක් නම් මම සුපර්සික්ස් ඉන්දියාවෙම පෙන්වනවද? අනික තවම නිෂ්පාදක තුමාවත් චිත‍්‍රපටය දැකලා නෑ. එහෙම තත්ත්වයක් තුළ කොහොමද රටේ ලෝකේ මිනිස්සු මේක කොපියක් කියන්නේ.ඔබේ ප‍්‍රථම චිත‍්‍රපටය ‘රිපබ්ලික්‘. තවම තිරගත වුණේ නෑනේ.අපි ‘සුපර් සික්ස්’ පෙන්නලාම ‘රිපබ්ලික්’ පෙන්වන්න තීරණය කළා. හේතුව ‘සුපර් සික්ස්’ කියන්නේ මූල්‍යමය බලාපොරොත්තු ඇතුව නිර්මාණය කළ චිත‍්‍රපටයක්. රුපියල් මිලියන 77ක් වියදම් වුණා. ඒ නිසා ‘සුපර් සික්ස්’වලට මුල් තැන ලබා දෙනවා.





 
Related Posts with Thumbnails