Ads 468x60px

.

කරීනා – සයිෆ් පෙම්පුවතට පස්වසරක් ගියත් විවාහ වීමට හදිස්සියක් නෑ

මධූර් භන්දර්කාර් ගේ හිරොයින් 
චිත‍්‍රපටියේ වැඩ නිසා කාර්යබහුලයි.

බොලිවුඩයේ සුපිරි තරු දෙපලක් වන කරීනා කපූර්ගේ හා සයිෆ් අලී ඛාන්ගේ විවාහය මෙම මාසයේදී පැවැත්වෙන බව මීට කලින් වාර්තා වුවද එය එසේ සිදු නොවන බව කරීනා කියයි.

පසුගිදා මාධ්‍ය වෙත අදහස් දක්වමන් කරීනා පවසා තිබුනේ ඔවුන් දෙදෙනාටම විවාහ වීමට හදිස්සියක් නොමැති බවයි.මේ දින වල මධූර් භන්දර්කාර් ගේ හිරොයින් චිත‍්‍රපටියේ වැඩ හේතුවෙන් කාර්යබහුල වී සිටින බවත්, පළමුව එම චිත‍්‍රපටියේ වැඩකටයුතු අවසන් කළ යුතු බවත් ඇය පවසා ඇත.


කෙසේ වෙතත් මෙම වසර අවසානයේ දී විවාහ වීමට අදහස් කර සිටින නමුත්, තවමත් දිනයක් නියම කර නැති බවත් ඇයි වැඩිදුරටත් පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.වසර 2007 දී ආරම්භ වූ කරීනා – සයිෆ් පෙම්පුවතට පස්වසරකි.

රෙෆ්යුජි චිත‍්‍රපටියෙන් රිදී තිරයට පිවිසි කරීනා කබී කුෂී කබී ගාම්, මුජ් සේ දෝස්තී කරෝගී, අසෝකා, චමේලි, ඕම්කාරා, තී‍්‍ර ඉඩියට්ස්, කුර්බාන්, ගෝල්මාල් 3, බොඩිගාඞ් හා ජබ් වී මෙට් වැනි ජනපි‍්‍රය චිත‍්‍රපටි රැුසක පෙනී සිටියාය.

 
Related Posts with Thumbnails