Ads 468x60px

.

සමීර දුම්රියට බිළිවුනේ පාපුවරුව දෝෂ සහිත වු නිසයි

සමීරට අවසන් ගෞරව දැක්වීම විශාල පිරිසක්.


වේයන්ගොඩදී තරුණයෙකුට මරු කැඳවූ දුම්රියේ පාපුවරුවේ දෝෂ සහිත බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී.ආරියරත්න මහතා පැවසුවේ අද ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.


මෙම දුම්රියේ අදාළ පාපුවරුවට මහව දුම්රිය ස්ථානයේදී ඇණ සවිකළ බව  අප ඊයේ අනාවරණය කළේය.ඒ අනුව දුම්රිය බලධාරීන් එම අනතුර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.


එහිදී ඔවුන් අදාළ අනතුරින් පසු පාපුවරුව පැවති ආකාරය දැක්වෙන මහව දුම්රිය ස්ථානයේදී රූගත කළ වීඩියෝ පටයක් ද ප්‍රදර්ශනය කළේය.කෙසේ වෙතත් දුම්රිය සේවකයින් පවසන්නේ මේ තරුණයාට වන්දි ගෙවීමේ සදාචාරාත්මක වගකීමක් දුම්රිය දෙපාර්තුමේන්තුව සතු බවය.



කෙසේ වෙතත් දුම්රියේ ගමන් ගන්නා මඟීන් පාපුවරුවේ ගමන් කීරීමෙන් වළකින්නැයි සහ වේදිකාව අසළ නැවැත්වීමට පෙර දුම්රියෙන් බැසීමට කිසිම විටෙක උත්සහ නොකරන්නැයි ද දුම්රිය දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටී.


මේ අතර වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී දුම්රිය පාපුවරුව කඩා වැටීමෙන් ඛේදනීය ඉරණමකට මුහුණු දී මිය ගිය සමීර ප්‍රසාද් තරුණයා අද අවසන් ගමන් ගියේය.වේයන්ගොඩ එළුවපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සමීර ප්‍රසාද්ට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.


මවත් නැඟණියත් රැකබලා ගත් සමීරගේ අකල් නික්ම යෑම ප්‍රදේශවාසි සැමගේ නෙත්වලට කඳුළක් එක් කළේය.මේ ධෛර්ය සම්පන්න තරුණයාගේ අවසන් කටයුතු අද පස්වරුවේ වේයන්ගොඩ එළුවපිටිය පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

 
Related Posts with Thumbnails