Ads 468x60px

.

ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකින් මියයයි.

ඔහු මියගියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ රෝහලට 
ඇතුළත් කිරීමෙන් පසුවයි.
 

ජනප්‍රිය රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් මහතා හදිසියේම අභාවප්‍රාප්ත විය.ඒ මහතාගේ පවුලේ ඥාතියෙකු පැවසුවේ, නුවර ප්‍රදේශයේ චිත්‍රපටයක රූගත කිරිම් සිදුකර පැමිණෙමින් සිටියදී ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක්ව ‍රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි.

වේදිකා, හා ටෙලි නාට්‍ය රැසක සිය රංගන ප්‍රතිභාව විදහා දැක්වූ ඇන්ටන් ජූඩ් මහතා සිනමා නිර්මාණ රැසකට සිය දායකත්වය සපයා තිබේ.



2011 වසරේ ජනවාරි මාසයේ එතුමා පලවෙනි වරට රෝහල්ගත කෙරුනේ හදිසි හෘදයාබාධයකට ලක්වීමෙන් අනතුරුවයි.ඉන්පසු නැවත සුවය ලැබීමෙන් අනතුරුව එතුමා රංගන කටයුතු වලට දායක වී ඇත.

වේදිකා, හා ටෙලි නාට්‍ය රැසක සිය රංගන ප්‍රතිභාව විදහා දැක්වූ ඇන්ටන් ජූඩ් මහතා
මියයන විට 50 වැනි වියේ පසු විය.


 
Related Posts with Thumbnails