Ads 468x60px

.

පෞරාණික කඩු පැහැර ගත්තේ බිලිපූජාවක් සඳහාද


ඉන්දීය පූජකයින් පිරිසක් විසින් අඛන්ඩ
දේවපූජාවක් .


කොළඹ ජාතික කෞතුකාගාරය ඊයේ (16) රාත‍්‍රී කොල්ලකා එහි තිබූ පෞරාණික කඩු පැහැරගෙන ගොස් ඇත්තේ බිලිපූජාවක් සඳහා දැයි සාධාරන සැකයක් මතුවී ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු  පැවසීය.


කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ මේ වනවිට නිල රාජකාරී කටයුතු සිදු නොවන අතර එය මුලූමනින්ම බලිතොවිල් සිදුකරන ස්ථානයක් බවට පත්වී තිබේ. මේ වනවිට එහි ඉන්දීය පූජකවරුන් පිරිසක් අඛන්ඩ දේවපූජාවක් දින ගණනක් තිස්සේ සිදුකරමින් සිටී.



එම ඉන්දීය පූජකයින් අතරින් එක් පූජකයෙකු පසුගිය බ‍්‍රහස්පතින්දා (15) පස්වරුවේ ආරක්ෂක නිලධාරියෙකු සමග කෞතුකාගාර නැරඹීමට ගොස් ඇත. එදින දහවල් සිට ජාතික කෞතුකාගාරයේ සියලූ ස්වයංක‍්‍රීය කැමරා අක‍්‍රීයව තිබී ඇති බවද වාර්තා වේ. සාමාන්‍යයෙන් සෙනසුරාදා හා ඉරිදා දිනයන් හි කෞතුකාගාර විවෘතව තබන බැවින් සිකුරාදා දිනවල කෞතුකාගාරය වසා තබයි. මෙම සොරකම සිදුවී ඇත්තේ එසේ කෞතුකාගාර වසාතැබූ දිනයේදීය. 


ශ‍්‍රී ලංකාවේ කැසිනෝ රජා ලෙස විරුදාවලිය ලත්, ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් විසින් කෞතුකාගාරය ඉදිරිපිට දැවැන්ත මාලිගාවක් ඉදිකරමින් තිබෙන අතර සෑම මොහොතකම එහි ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් සිටින අතරම බොහෝ අවස්ථාවලදී ආරක්ෂක අංශයේ නිලධාරින්ද එම ගොඩනැගිල්ලට යන එන බව වාර්තා වේ. 


එසේම කෞතුකාගාරය අවට ප‍්‍රදේශයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් නිරන්තරයෙන්ම ක‍්‍රියාත්මක වේ. එසේ තිබියදී 16 වනදා රාත‍්‍රී, කිසියම් පිරිසක් එහි ප‍්‍රධාන රහස් දොරටුවෙන් ඇතුලූවී මෙවැනි සොරකමක් කිරීම විශ්මයට කරුණක් බවත්, එම අවස්ථාව වනවිට එහි තිබූ සියලූ ස්වයංක‍්‍රීය කැමරා අක‍්‍රීය කර තිබීමද මෙහිදී සැලකිල්ලට ගතයුතු බවත්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමේදී පැවසීය.


කෞතුකාරගෙයන් සොරාගත් බඩුභාන්ඩ අතර මහනුවර යුගයට අයත් පෞරාණික කඩු අටක්, අසිපත් මිට හතරක් හා රන්කාසි තොගයක්ද මුද්‍රාව සහිත මුදුවක් ඇතුළු කෞතුක භාණ්ඩ රාශියක්ද වනබව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.


එසේම ජාතික කෞතුකාගාරය බාර ජාතික උරුමයන් පිලිබද අමාත්‍ය අචාර්ය ජගත් බාලසූරිය මහතාගේ බිරිඳවන, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතිවරියකි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතා මිනිස් බිල්ලක් දීමට සූදානම් වන බවත් ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙම කෞතුක භාණ්ඩ සොරාගැනීම රාජ්‍ය අනුග‍්‍රහය යටතේ සිදුවූවක්ද යන්නත් පිලිබදව සාධාරන සැකයක් මතුවන බව විපක්ෂයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකුද පැවසීය.
 
Related Posts with Thumbnails