Ads 468x60px

.

ලසිත් මාලිංගට ඉඩම් ආරවුලක් - පාරේ කටුකම්බිත් දාලා

දෙදෙනකුට එරෙහිව නඩු...
මාර්ගය අවහිරවන විදිහට කටුකම්බි ගහලා...


පසුගියදා පැවති ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ක්‍රිකට් තරගමාලාව නැරඹීමට ඕස්ට්‍රේලියාවට ගොස් නැවත තම නිවසට පැමිණෙන විට ප්‍රවේශ මාර්ගය අවහිරවන සේ කටුකම්බි ගසා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ මව විසින් රත්ගම පොලිසියට පැමිණිලි කොට ඇත.


ලසිත් මාලිංගගේ මව වන වී. බී. ස්වරණවතී පැමිණිල්ලෙන් දන්වා ඇත්තේ ඉඩම් ආරවුලක් මත මෙය සිදුකර ඇති බවයි. තම ගෙවත්ත අක්කර හතරහමාරක් පමණ වන බවද ඇය පොලිසියට පවසා තිබේ.
ඒ අනුව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 87286 යටතේ පාර්ශවකරුවන් දෙදෙනකුට එරෙහිව නඩු පවරා ඇත.

ලසිත් මාලිංග පසුගියදා ඩික්ස්මන් රෝඩ් පෙදෙසෙන් අලුත් නිවහනක් මිලදීගෙන ඇති අතර එහි වටිනාකම ලක්ෂ 650 ක් බව වාර්තා වේ.


 
Related Posts with Thumbnails