Ads 468x60px

.

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා බදු වැඩි වෙන්නෙ මෙහෙමයි


අද සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා වන නිෂ්පාදන බද්ද ඉහළ දමා තිබේ.


බදු වැඩිවීම 
පෙට්‍රල් කාර් 120% සිට 200% දක්වා 
ඩීසල් කාර් 180% සිට 250% දක්වා
ත්‍රීවීල් 51% සිට 100% දක්වා
මෝටර්සයිකල් 61% සිට 100% දක්වා

මුදල් අමාත්‍යාංශය පැවසුවේ, 2009 වර්ෂයේ සිට  මෙරට මෝටර් රථ ආනයනය ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් මාර්ග තදබදය සහ ඉන්ධන සඳහා වන ඉල්ලුම වැඩිවීමත් සලකා එකී වියදම් අඩු කර ගැනීමේ අරමුණින් අදාළ සංශෝධන කළ බවයි.

කෙසේ වෙතත් කෘෂිකාර්මික ට්‍රැක්ටර් බස් රථ ලොරි සහ ට්‍රක් රථ සඳහා පවත්නා බදුවල කිසිදු වෙනසක් සිදුනොකරන බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.ඉහළ දමන ලද මෝටර් රථ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා වන නිෂ්පාදන බදු පිළිබඳ සවිස්තර වාර්තාව පහතින් දැක් වේ.




 


හයිබ්‍රිඩ් කාර්, මෝටර් කාර්, ත්‍රී වීල්, මෝටර් සයිකල් සඳහා පැවති බදු අද මධ්‍යම රාත්‍රියේ සිට රජය විසින් ඉහල දමා තිබෙනවා.



ඒ අනුව සිලින්ඩර ධාරිතාව 2,000 ට අඩු දෙමුහුම් (හයිබ්‍රිඩ්) කාර් සඳහා බදු 51% සිට සියයට 60% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා 



සිලින්ඩර ධාරිතාව 2000 ට වැඩි හයිබර්ඩ් කාර් සඳහා අයකෙරෙන බද්ද 75% සිට 100% දක්වාත් 


සිලින්ඩර ධාරිතාව 3,000 ට වැඩි හයිබර්ඩ් කාර් සඳහා 100% පැවති බදු ප්‍රතිශතය 125% දක්වාත් ඉහළ යනු ඇත.

මීට අමතරව සිලින්ඩර ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් කාර් සඳහා 120%ක් ව පවති බද්ද 200% ක් දක්වා ඉහළ දමා ඇති අතර,

සිලින්ඩර ධාරිතාව 1000-1600 අතර පෙට්‍රල් කාර් සඳහා 129%ක් ව පැවති බද්ද ද 200% ක් දක්වා ඉහළ දමා තිබෙනවා. 

සිලින්ඩර ධාරිතාව 1600-2000 අතර පෙට්‍රල් කාර් සඳහා 136%ක් ව පැවති බද්ද 200% ක් දක්වා ඉහළ දමා තිබෙන අතර සිලින්ඩර ධාරිතාව 2,000 ට වැඩි පෙට්‍රල් කාර් සඳහාවූ 154%ක් ව පැවති බද්ද ඉහල යන්නේ 250% කින්

ත්‍රී රෝද රථ සඳහා 51%ක් ව පැවති බද්ද 100% දක්වා ඉහල යන අතර මෝටර් සයිකල් සඳහා 61%ක් ව පැවති බද්ද ද 100% දක්වා ඉහල යනු ඇති

එම බදු ඉහල දැමීම විස්තරාත්මකව පහත පරිදිය



 
Related Posts with Thumbnails