Ads 468x60px

.

ලොව සිටින නම්‍යශීලි බවින් වැඩිම යුවතිය

වයස අවුරුදු 14 දී පමණ ජිම්නාස්ටික් ක‍්‍රීඩාවට යොමුවෙලා ...

රබර් යුවතිය හෙවත් රුසියානු ජාතික ස්ලාටා ලොව සිටින නම්‍යශීලි බවින් වැඩිම යුවතිය ලෙස සැලකේ.



24 වැනි වියේ පසුවන ඇය මේ වනවිට ස්ර්කස් කණ්ඩායම් කිහිපයක විශේෂ රංගන ඉදිරිපත් කරන්නියක ලෙස සේවය කරන්නේය.
වයස අවුරුදු 14 දී පමණ ජිම්නාස්ටික් ක‍්‍රීඩාවට යොමු වූ ඇගේ ශරීරය මෙතරම් නම්‍යශීලිත්වයක් ඇති වීමට හේතුව අඛණ්ඩ පුහුණුවීම් බව ඇගේ අදහසයි.



ස්ලාටා උසින් අඩි 5 අඟල් 9 ක් පමණ වන අතර ඇගේ බර ස්ටෝන් 8 1/2ක් බව පැවසේ. ඇය අගේ සම්පූර්ණ කාලයම පුහුණුවීම් කටයුතු වලට යොමු කර ඇති අතර වෙනත් කටයුතු කිසිවක නොයෙදන බවද වාර්තාවේ.

පසුගිය දිනක පැවති ජිම්නාස්ටික් සංදර්ශනයකදී ඇය ඇගේ සිරුර අඟල් 20 ං 20 ප‍්‍රමාණයේ සමචතුරස‍්‍රාකාර පෙට්ටියක බස්සවා ඇති අතර මෙම දර්ශනය දුටු ප්‍රෙක්ෂකයන් මවිතයට පත්ව ඇත.

රුසියාවේ සිට ජර්මනියට පැමිණි ඇය ජර්මනියේ ද සංදර්ශනවලට සහභාගි වන බව වාර්තාවේ. ඇගේ නම දුටු පමණින් සන්දර්ශනවල ප‍්‍රවේශපත් විකිණෙන බව ප‍්‍රකාශ කරන තරග සංවිධායකයෝ ඇයව ස්ථීරවම කණ්ඩායමකට සම්බන්ධකර ගැනීමට පොරකමින් සිටිති. 

නමුත් ස්ලාටාගේ අදහස වී ඇත්තේ කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස නොබැඳි ආරාධනා ලැබීම අනුව එම සන්දර්ශනවලට සහභාගීවන බවයි.
අධික නම්‍යශීලිත්වය. නිසාම ඇය වෛද්‍ය පරීක්ෂණ සඳහා ද යොමුව ඇති නමුත් වෛi වාර්තාවල සඳහන්ව ඇත්තේ ඇය කිසිදු රෝගයකින් නොපෙළෙන බවයි.

තමන් මෙතරම් නම්‍යශීලී වුවද එය ඇයට ඉතාම ස්වභාවික ලෙස දැනෙන බව පවසන ස්ලාටා ඡුායාරූප සඳහා පෙනී සිටීමේදී පමණක් එකම ඉරියව්වෙන් දිගුවේලාවක් සිටීම නිසා තරමක අපහසුතාවයක් දැනෙන බව පවසයි.










 
Related Posts with Thumbnails