Ads 468x60px

.

කාවිංග බෙදා ගැනීමට ජානකී අක්ෂා අතර ගැටුමක්

කාවිංග ආදරයට අක්ෂාට යොදා ඇති සුරතල් නාමය බේබි ලු... 
කාවිංගට ආදරයට අමතනුයේ සෝනු ලු...

නිවේදකයෙක් හා නැගී එන නළුවෙකු වන කාවිංග පෙරේරා බෙදා ගැනීමට නිළියක් හා නිරූපිකාවක් වන අක්ෂා සුදාරි හා නිළියක් හා නිෂ්පාදිකාවක වන ජානකී විජේරත්න අතර ගැටුමක් ඇතිවී ඇතැයි වාර්තා වේ.

 
මේ දිනවල ජනපි‍්‍රය ටෙලිනාට්‍යක් වන ‘සඳ සිත්තම්’ ටෙලියේ ප‍්‍රධාන චරිතයක් රගන කාවිංගට ජානකී විසින් විශේෂ සැලැකිල්ලක් දැක්වීම නිසා මෙම ආරවුල ඇතිවී ඇතැයි පැවසේ.

කාවිංග හා අක්ෂාගේ හාදකම හේතුවෙන් කාවිංග සමඟ විවාහ ගිවිසගෙන සිටි තරුණියද වෙන්වූ බව පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා කර තිබිණි.
එසේම කාවිංග හා අක්‍සා දැනට නුගේගොඩ ප‍්‍රදේශයේ නිවසක එකට වාසය කරන බවට ද වාර්තා විය.

අක්ෂා විසින් කාවිංගට ආදරයට අමතනුයේ ‘සෝනු’ ලෙස බවත් පැවසේ.
සෝනු යන්න හින්දි භාෂාවට අනුව රත්තරං යන අර්ථය දැක්වීමට අක්ෂා විසින් කාවිංගට මෙලෙස අමතන බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම කාවිංග ආදරයට අක්ෂාට යොදා ඇති සුරතල් නාමය ‘බේබි’ බව ද පැවසේ.අක්ෂා මීට පෙර පදිංචිව සිටියේ කිරුළපන ප‍්‍රදේශයේය.
කාවිංගගේ හිටපු පෙම්වතියගේ පාර්ශවයේ පිරිසක් විසින් පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදී කාවිංගට පහරදීම හේතුවෙන් කාවිංගගේ හිසට තුවාල සිදුවී තිබිනි.
 
Related Posts with Thumbnails