Ads 468x60px

.

අනේ මම දන්නේ නෑ. මට පෙම්වතෙක් ඉදලත් නෑ - මේනකා

උපන්දිනයට මර්වින් සිල්වා ඇමතිතුමාට ආරාධනා කළා...

ඩාන්ස්  ස්ටාර් ඩාන්ස් තරගයේ අවසන් තිදෙනා අතරට පැමිණි ඇය දක්ෂ නර්තන ශිල්පිනියකි. පසුව ෂයිලෝනා, කප් සුවහස් කල්, අපි අපි වගේ 2, මොණර තැන්න, මං ආසයි පියාඹන්න වැනි ටෙලි නාට්‍ය සමග එක් වූ ඇය නිළියකද වූවාය. 

රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසද ජනප‍්‍රියවූ වාය. එමෙන්ම ඇය විලාසිතා නිරූපිකාවකි. මෙවර සති අන්ත කතාබහ සමග එක්වන මේ ජනප‍්‍රිය තරුව මේනකා පීරිස්ය.


මේනකා මේ දවස්වල මොකද කරන්නේ
විශේෂ කටයුත්තක් නෑ. රූපගතකිරීම් ඉවරවෙලා නිවාඩු පාඩුවේ ඉන්නවා.


කෙටි කාලයකින් ඔබ ජනප‍්‍රිය චරිතයක් වුණා. ඒ කොහොමද?
ඔව් මම මුලින්ම ක්‍ෂේත‍්‍රයට ආවේ නර්තන ශිල්පිනයක් විදිහට. හැම අංශයකින්ම උපරිම දක්ෂතා පෙන්නුම් කරපු නිසා මට පේ‍්‍රක්ෂකයන් අතරට එන්න පුළුවන් වුණා. ඒ වගේ ම ‘‘ඩාන්ස්  ස්ටාර් ඩාන්ස්’’ වැඩ සටහනක් මට මෙතෙන්නට එන්න උදව් වුණා.


මේ වනවිට ඔබ ආපු ගමන ගැන සෑහීමකට පත් වෙනවද?
ඔව්. මම හැම අතින්ම සාර්ථකයි. දැනට ටෙලිනාට්‍ය හයක රඟපාලා තියෙනවා. චිත‍්‍රපට දෙකක් කළා. ‘‘කිව්වද නහි නොකිව්වද නහි’’ සහ ක්ලීටස් මෙන්ඩිස් මහත්මයාගේ ‘‘පරපුර’’ කියන චිත‍්‍රපට ඒ අතර වෙනවා.


ඔබේ නර්තන ජීවිතය ගැන කතා කළොත්?
ඇත්තටම මම නිළියක්, නිවේදිකාවකට වඩා මම නර්තන ශිල්පිනියක් පොඩිකාලේ ඉඳලාම නර්තනය මගේ ඇගේ තිබුණා. පාසලේ නර්තන ගුරුවරිය මට ගොඩක් උදව් කළා. ඒ වගේම මට මතක් කරන්න  ඕනේ සංඛ අබේසිංහ, ගයාන් ශ‍්‍රීමාල් සහ රසික ප‍්‍රභාත් යන අය. මෙයාලත් මට ගොඩක් ගුරුහරුකම් දුන්නා.


මේනකා කියන්නේ ඇත්තටම මොනවගේ කෙනෙක්ද?
මම ගොඩක් සරල කෙනෙක්. ලොකු බලාපොරොත්තු නෑ. සතුටින් විනෝදයෙන් ඉන්න ගොඩක් කැමති. නිවාඩුවක් ලැබුණම පවුලේ අයත් එක්ක කොහෙ හරි යනවා. ඒ වගේ ඉන්න කෙනෙක් මම.


ඔබ ඇදුම් පැළදුම්වලට ගොඩක් කැමැතිලූ නේද?
ඔව්. මගේ වෘත්තියත් එක්ක වගේම පෞද්ගලික ජීවිතයේ මම ඇදුම්වලට ගොඩක් කැමැතියි. උපරිමයෙන් විලාසිතා කරනවා. ඒ හැමදේම මිලදී ගන්න යන්න මගේ අම්මත් මගෙත් එක්ක ඉන්නවා.පසුගිය කාලේ නගරාධිපතිවරයෙක් එක්ක ඔබ ඇදුම් ගන්න ගියා කියලා ආරංචියි?

මම එහෙම කෙනෙක් එක්ක ගියේ නෑ. යන තැනක අම්මත් එක්ක තමයි යන්නේ. ඔය කියන නගරාධිපතිවරයා අපේ තාත්තාගෙ හිතවත් කෙනෙක්. පොඩි කාලේ ඉඳලාම දන්නවා. තුන් හිතකවත් එහෙම සම්බන්ධයක් නෑ.


එතකොට පෙම්වතා ඉන්නේ ඉතාලියේද?
අනේ මම දන්නේ නෑ. මට පෙම්වතෙක් ඉදලත් නෑ. එහෙම කෙනෙක් ඉන්නවනම් හොඳයි. මගේ පෙම්වතා ඉතාලියෙනම් මම එයාව එහෙ තියන්නේ නෑ. ලංකාවට ගෙන්න ගන්නවා. මොකද මගේ මෙහෙ කරන වැඩවලට එයාගේ උදව්ව ලැබෙනවානේ.


 ඔබේ 21වැනි උපන්දිනයට ලංකාවේ ප‍්‍රකට ඇමතිවරයෙක් සහභාගි වුණාලූ නේද?
ඔව්. මර්වින් සිල්වා ඇමතිතුමාට ආරාධනා කළා. මම ඒ උපන්දිනය ඉහළින්ම සමරන්න හිතාගෙනමයි හිටියේ. උපන්දිනයේදී තමයි එතුමව දැක්කෙත්. ඊට පස්සෙ තවම හමුවුණේ නෑ. අඩු තරමේ කෝල් එකක්වත් දෙන්න බැරිවුණා. එමතුමාගේ සහභාගි වීම මට ලොකු ආඩම්බරයක්.


මේ බොරුකතා, කටකතාවලට ඔබ මුහුණ දෙන්නේ කොහොමද?
දන්නෝ දනිතිනේ. මම හිතන්නෑ  ඕවා. මං කවුද කියලා මං දන්නවා. නම කැතකර ගන්න කවුරුත් කැමති නෑ. මිනිස්සුන්ට අදහස් එළියට දාන්න පුළුවන්. මට බැනලා යන අයට මම හිනාවෙනවා. දවසක ඒගොල්ලෝ ඇත්ත තේරුම් ගනවිී.


ඔබේ සිහින පෙම්වතා මොනවගේද?
අවංක කෙනෙක් වෙන්න  ඕනේ. මට තවම එයාව මුණ ගැහුණේ නෑ.


ඔබට කලා ක්‍ෂේත‍්‍රයේ කෙනෙක් යෝජනාවක් ගෙනාවොත් කැමතිවෙනවද?
එහෙම කෙනෙක් හමුවෙයි කියලා හිතන්න අමාරුයි මම එයාලත් එක්ක ගොඩක් යාළුවෙක් විදිහට ඉන්නෙ. මම ඉන්න විදිහට එයාලාට යෝජනා කරන්න ඉඩක් නෑ.පේ‍්‍රමය, විවාහය නිසා මේ හැමදේම අතාරින්න වුණොත්එහෙම වෙන්නේ නෑ. 

මාව තේරුම් ගත්ත කෙනෙක් එක් මම විවාහ වෙන්නේ. එයා මේ හැමදේම අතඅරින්න කියන එක්ක නෑ.මොනවද ඉදිරි බලාපොරොත්තු විශේෂ බලාපොරොත්තුවක් නෑ. කරන දේ හරියට කරලා සතුටින් ඉන්න තමයි  ඕනේ.
 
Related Posts with Thumbnails