Ads 468x60px

.

කෑගල්ල බස්‌ - වෑන් ගැටුමේ අනතුරේ ජායාරූප එකතුවක්

දෙදෙනකු එතනම මියගිහින් ...
අට දෙනක්‌ කෑගල්ල රෝහලට

උදෑසන 07.30 ට පමණ පානදුර සිට මහනුවර දෙසට ධාවනය වූ බස්‌ රථයක්‌ කෑගල්ල දෙසට ගමන් කළ වෑන් රථයක්‌ සමග මොළගොඩ මිල්ලන්ගොඩ පිරවුම් හල අසලදී ඊයේ (01) දින මුහුණට මුහුණ ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ දෙදෙනකු එම ස්‌ථානයේදීම මියගොස්‌ ඇති අතර වෑන් රථයේ ගමන් කළ අට දෙනකු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ හඟුරන්කෙත පදිංචිව සිටි ඩී.එම්. කරුණාරත්න (43) හා එස්‌. එම්. ආරියරත්න (53) නමැති දෙදෙනායි. මියගිය දෙදෙනාගේ මෘත ශරීර දැනට කෑගල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර පරීක්‌ෂණ කෑගල්ල පොලිසියේ රථ වාහන අංශය මගින් සිදු කෙරේ.

මෙම අනතුර සිදුවී ඇති අතර බස්‌ රථය තවත් බස්‌ රථයකට ඉස්‌සර කර යැමේදී මෙම අනතුර සිදුවී ඇති බව කෑගල්ල පොලිසිය පැවසයි.




































Pics by Osanda Nidanwatta

 
Related Posts with Thumbnails