Ads 468x60px

.

මම රංගනයෙන් ඉවත්වූනේ පෙම්වතාගේ ඉල්ලීමට නොවේ - නදීෂා

පෙම්වතා රගපෑමට තමා දිරි ගැන්වූවා මිස 
ඔහු එය කඩාකප්පල් නෑ...

අමන්දා ටෙලියේ දගකාර කැතීගේ චරිතය හරහා රංගනයට එක්වූ නදීෂා යාපා ඇත්තෙන්ම රංගනයෙන් ඉවත්වූයේ ඇයගේ පෙම්වතාගේ ඉල්ලීමට නොවන බව ඇය පැවසුවාය.

එය තමා විසින් ගත් තනි තීරණයක් බවත් පැවසූ නදීෂා කියා සිටියේ තමාට රගපෑමෙන් ඉවත්වීමේ අවශ්‍යතාව ඇතිවූයේ අමන්දා ටෙලියේ ‘කැතී’ගේ චරිතය නිරූපනය කිරීමේදී බවද ඇය කීවාය.


කෙසේවුවද ඒ අවස්ථාවේ තමා එම මෙගා ටෙලියේ ගිවිසුම් අත්සන් කර තිබූ හෙයින් එම තීරණය ගැනීමට නොහැකිවූ බවද ඇය සඳහන් කළාය.තම පෙම්වතා රගපෑමට තමා දිරි ගැන්වූවා මිස ඔහු එය කඩාකප්පල් කිරීමට උත්සාහ නොකළ බවද නදීෂා පැවසුවාය.

රංගනයට පැමිණියේ තමාගේ ආශාව නිසා බවත් පැවසූ ඇය කෙසේවුවද එම ආශාව තමාට ඉතා කෙටි කලයකින්ම එපා වූ බවද නදීෂා කීවාය.
දැනට උසස් අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින තමා රංගනයෙන් ඉවත්වන බව මීට පෙර කිසිදු වෙබ් අඩවියකට හෝ පුවත් පතකට පවසා නොමැති බව අවධාරණය කළාය.

කෙසේ වුවද තමා රංගනයෙන් ඉවත්වන බවට පැවසූයේ යැයි සඳහන් කරමින් ඇතැම් වෙබ් අඩවි හා පුවත් පත් පළකර ඇති පුවත හා එම පුවත්වලට පළකර ඇති ජායාරූප සම්බන්ධයෙන් නදීෂා නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇතැයි ද ඇය හෙළි කළාය.

එසේම තමා මොස්තර නිරූපන ප‍්‍රසංගයකට සහභාගිවූ අවස්ථාවක තමාගේ ජායාරූපගෙන එය මුලින්ම වෙබ් අඩවිවල හා පුවත්පත්වල පළ කර ඇති ජායාරූප ශිල්පීන්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව ඇය සඳහන් කළාය.

ලෙබනන් – බේරූට් හි උපත ලද නදීෂා ලංකාවට පැමිණ ඇත්තේ ඇයට අවුරුදු 15 දී බවද වාර්තා වේ.ඇය උසස් අධ්‍යාපනය සඳහා ප‍්‍රංශ බස ප‍්‍රගුණ කිරීමට තීරණය කර තැයි ද පැවසේ.
 
Related Posts with Thumbnails