Ads 468x60px

.

මමත් කැමතියි මම ලස්සනයි කියනවට - ගයත‍්‍රි

ගයත‍්‍රිව හඳුන්වලා දෙන්න අටුවා ටීකා අවශ්‍ය නැති තරමටම ඇය අපිට සමීපයි. ඒ සමීපත්වය ඇති වුනේ ඇය රංගන ශිල්පිනියක් විදිහට අපි අතරට ආව නිසා.
ඒත් ඒ රංගන ශිල්පිනිය පරයමින් අද ඉස්මතු වෙලා ඉන්නෙ ගයත‍්‍රි ඩයස් කියන ව්‍යාපාරිකාව. මේ හැම දේ ගැනම අපි ගයත‍්‍රි එක්ක කතා කළා. 



”මේ දවස්වල මම කලා කටයුතු වලින් ටිකක් අයින් වෙලා ඉන්නෙ. මගේ Salon එකේ වැඩයි, ගෙදර වැඩ නිසා මම ටික කාලෙකට කලාවෙන් බැහැර වුනා” ගයත‍්‍රි කතා බහ ඇරඹුවෙ ඒ විදිහට ගයත‍්‍රි විවාහයෙන් පස්සෙත් සෑහෙන කාලයක් රඟපෑමෙන් ඉවත් වෙලා හිටියා. ආයෙමත් රඟපාන්න ආවට පස්සෙ වඩාත්ම සතුටු වුනේ ගයති‍්‍රගෙ රසිකයෝ.
”පබළු” ටෙලි නාට්‍යයෙන් ඇය ආලින්දයට පැමිණෙද්දී, ඇය දිගටම රඟපාවි යැයි පේ‍්‍රක්‍ෂකයෝ විශ්වාස කළා.

හැමතිස්සෙම, දිගටම මාව නිළියක් විදිහට පේනවට මම කැමති නැහැ. රංගනයෙන් ඉඳලා හිටලා පේ‍්‍රක්‍ෂකයන් අතරට යන්නයි මම කැමති. විවාහවෙලා අවුරුදු දහයකට පස්සෙයි මම උදයකාන්ත අයියගෙ ආසයි මං පියාඹන්න චිත‍්‍රපටයෙ රඟපැවේ. චූටි දූ හම්බවෙලා මාස 3 කට පස්සෙයි සුවඳ දැනුණා ජීවිතේ රඟපැවෙ. 

ඊටත් සෑහෙන කාලෙකට පස්සෙ තමයි ”පබළු” ටෙලිනාට්‍යයට සම්බන්ධ වුනේ. ඒ ටෙලි නාට්‍යයත් එක්ක මං අවුරුදු 1 1/2 ක් විතර පේ‍්‍රක්‍ෂකයෝ එක්ක හිටියා. මගෙ Salon එකේ වගේම ගෙදර වැඩවටලත් පුංචි බලපෑමක් එයින් ඇති නොවුනම නෙවෙයි. ඉතින් ටිකක් රඟපෑමෙන් අයින් වෙන්න හිතුවා.

රංගන ශිල්පිනියකට වඩා ව්‍යාපාරිකාවක් විදිහට ඉස්මතු වෙන්නද කැමති ?
තමන් දන්න දෙයින් හම්බ කරගන්න  ඕන. රංගන ශිල්පිනියක් විදිහට වෘත්තිය මට්ටමෙන් රැුඳෙන්න මට බැහැ. රූපලාවන්‍ය ශිල්පිනියක්, කේශාලංකාර ශිල්පිනියක් විදිහටයි මට රැඳෙන්න පුළුවන් (සිනාසෙමින්) ජීවත් වෙන්න සල්ලිත්  ඕනනෙ. මම මගේ ව්‍යාපාරය තුළින් ගෙදරටත් ශක්තියක් වුනා. 

ම්…ඒ නිසා ව්‍යාපාරිකාව කියන නාමය හොඳයි ඒ කියන්නෙ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට හඳුන්වනවටයි කැමති.(සිනාසෙමින්) මට හිතෙනවා මම රඟපාන්න දන්නෙ නැහැ කියලා. අනික Script එක කියවන්න හරි කම්මැලියි.Director කියන දේ කරන්න උත්සාහ කළා.

පබළු එකේ රඟපෑවෙත් එහෙමද ?
(සිනාසෙමින්)  ඔව්නෙ. ඒත් ටික දවසක් ගියහම මම මගේ චරිතය අවබෝධ කර ගත්තා. ගයති‍්‍රට හිතුනට ඔයාට රඟපාන්න බැහැ කියලා. පේ‍්‍රක්‍ෂකයෝ ඔයාව අවුරුදු 10 කට පස්සෙත් පිළිගත්තෙ රංගන හැකියාව තිබුන නිසා.

රඟපාන්න බැරි අයත් මහා නිළියන් යැයි ප‍්‍රසිද්ධියේ කියද්දී ඇයි ඔබ මෙහෙම කතා කරන්නෙ ?
මම සරල චරිතයක් නිසා වෙන්න ඇති එහෙම කියවෙන්න ඇත්තෙ. ශාන්ත සොයිසා කියන අධ්‍යක්‍ෂවරයාට මම හරි කැමතියි. ඒ නිසාමයි පබළු එකේ රඟපාන්න කැමති වුනේ. ඒත් බිමල් එක්ක රඟපාන්න බය හිතුනා. ඒ ඔහු නළුවෙක් විදිහට ඉතාම දක්‍ෂ කෙනෙක් නිසා. ඒත් බිමල් මගේ රඟපෑමේ වැරදි හදලා දීලා, නිවැරැදි තැන් කියලා දීලා, එකට රඟපෑවා. බිමල්, පබෝද්‍ර ඒ දෙන්නම එක වගේ. එයාලා එක්ක රඟපාන අයට හුඟක් සහාය වෙනවා. එයාලගෙ සාර්ථකත්වයත් අනිත් අයට උදව් කරන නිසා ඇතිවුන දෙයක් කියලයි මටනම් හිතෙන්නෙ.

ගයත‍්‍රි දැන් ඉස්සරටත් වඩා ලස්සන වෙලා කියලා හැමෝම කියනවා.
ලස්සනට ඉන්න අපි හැමෝම කැමතියි. ඉස්සර මම හුඟක් කෙට්ටු කෙනෙක්. මහත් වෙන්න මම ආයුර්වේද බෙහෙතුත් බිව්වා. ලොකු දූ මලීෂා හම්බුනාට පස්සෙ මම මහත් වුනා. පොඩි බබාටත් එහෙමයි. මහත වැඩි නිසා මට දුක හිතුනා. ඒ නිසා මම මාවම පාලනය කළා. මගේ න්‍දඉ එකත් එක්ක මම පි‍්‍රය මනාපව ඉන්න  ඕන. දැන් මගේ බර 62 යි.

උස ?
5.5 යි, තවත් සමහරු කියනවා ඔයා රානි මුඛර්ජි වගේලූ (සිනාසෙමින්) ඒකනම් දන්නෙ නැහැ. ඒත් කටහඩනම් ඒ වගේ කියලා කියනවා. ඉස්සරනම් හුඟක් අය මගේ කටහඩ කැතයි කියනවා. බෙලෙක් ඪදසජැ එකක් කියනවා. මම ඉස්සර හැමදාම උදේට උගුර ලූනු වතුර දාලා හෝදනවා. පස්සේ මේ ඪදසජැ එකට හැමෝම කැමතියි.

කවුරු හරි ලස්සනයි කියනකොට මොකද හිතෙන්නෙ ?
තමන් ලස්සනයි කියලා අහන්න අපි  ඕන කෙනෙක් කැමතියි. මමත් ලස්සන කෙනෙක් දැක්කම කියනවා ලස්සනයි කියලා. ඒ කියන වචන අපිටම ආශිර්වාදයක් වෙනවා. මමත් කැමතියි මම ලස්සනයි කියනවට, එහෙම නැහැ කිව්වොත් බොරු. කවුරු හරි මං ලස්සනයි කිව්වහම එයාලට ස්තූතියි කියනවා.

වර්තමානයේ නිළියෝ නිවේදිකාවෝ වෙලා, ගායිකාවෝ නිළියෝ වෙලා, ඔයත් මේ දවස්වල නිවේදිකාවක් වුනේ ඒ රැුල්ලටද ?
අනේ නැහැ. මම රස සරණිය කරන්නෙ නිවේදිකාවක් විදිහට නෙවෙයි. එතනදි මම නියෝජනය කරන්නෙ ගයත‍්‍රි ඩයස් කියන ගෘහනියව. පොඩි
කාලයක් තියෙනවා, අපිට වටිනාකම් ඇතිවෙන, ඒ කාලෙන් මම ප‍්‍රයෝජන ගන්නවා.

නයනා එක්ක මේ තරම් බැඳීමක් ඇති වුනේ කොහොමද ?
ඒ බැඳීම ආත්ම ගානක බැඳීමක් කියලා මට හිතෙනවා. අපේ යාළුකමට අවුරුදු 15 ක් විතර වෙනවා. නයනා මගේ හිතට හයියක් වුන අවස්ථා බොහොමයි. ඒ සහෝදරත්වය හැමදාමත් තියෙනවා.

දරුවෝ ගැන කතා නොකළොත් ඒක අඩුවක් වේවි. ලොකු දුව මලීෂා පෙරේරා මියුසියස් විද්‍යාලයේ 8 වැනි ශ්‍රේණියෙ. පොඩි දුව ආශා ඍදහ්ක Royal Institute එකේ Nursary යනවා. දෙන්නම තමන්ගෙ ඉගෙනීමේ කටයුතු උනන්දුවෙන් කරන හොඳ දරුවෝ දෙන්නෙක්. මගේ කාර්යබහුලත්වය නිසා එයාලා එක්ක රැුඳෙන්න කාලය අඩුයි.

ඒකට දරුවෝ නෝක්කඩු කියන්නේ නැද්ද ?
අපෝ ලොකු දූ  නම් කියනවා. පොඞ්ඩට තවම තේරුමක් නැහැ.

මේ කාර්යබහුලකම ළඟ චන්නත් නෝක්කඩු කියනවද ?
අනේ නැහැ. චන්න අයියා එහෙම චුරු චුරු ගාන්නෙ නැහැ. එයා මං ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ වගේ සැමියෙක් ලැබීමම මට සතුටක්.

බිරිඳ සහ අම්මා කියන භූමිකාවලින් වඩා කැමති භූමිකාව ?
බිරිඳ කියන භූමිකාව හරියට කළොත් තමයි අම්මා කියන භූමිකාව සාර්ථක වෙන්නෙ. මම මේ භූමිකා දෙකටම අසාධාරණයක් කරනවද කියලා වෙලාවකට හිතෙනවා. බිරිඳ කියන භූමිකාව මම කාලයක් ගොඩක් සතුටින් කළා. පස්සෙ ඒ දේවල් මඟ අරුණා. චන්න අයියා මාව තේරුම් ගත්තා. මවක් විදිහට දරුවන්ට කරන්න  ඕන දේ අපිට පැහැර හරින්න බැහැ.

ඒත් මම එතනදීත් ත්‍්සක සෑහෙන වෙලාවට එයාලගෙ වැඩත් මඟ ඇරෙනවා නමුත් මම කැමතියි අම්ම කියන භූමිකාවට.

ඔයා වගේද දුවලා දෙන්නත් ?
ලොකූනම් ටිකක් කම්මැලියි. ඒත් පොඩි දුව නම් ්ජඑසඩැල එයාලා හරි ඛමජනහ කියලා හිතෙනවා. අපි පොඩිකාලේ විඳපු දුක් එයාලට නැහැ. එයාලට හැමදේම ලැබිලා තියෙන්නෙ.

හෙට දවස ගැන කතා කළොත්. අපිට බලාපොරොත්තු තියෙන්න  ඕන, එතකොටයි අපිට වැඩ කරන්න පුළුවන්. මං කවදාවත් සිද්ධ වුන දේවල් ගැන දුක් වෙන කෙනෙක් නෙවෙයි. අද දවසෙ සියලූ වැඩ කළ යුතුයි කියන දේ තුළයි මං ඉන්නෙ. අද කරන්න බැරි වුනදේ හෙට කරනවා කියන සිතිවිල්ල මගේ තියෙනවා.



 
Related Posts with Thumbnails