Ads 468x60px

.

චාජ් කරන්නෙ දේකුත් නෑ.පොඞ්ඩක් ක‍්‍රියාත්මක කරන්නයි තියෙන්නෙ - මර්වින්

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකාව සිදුකරන දේවල්වලට දැඩිලෙස විරෝධය පල කල යුතු බවත්, තම ලගදීම ඒ වෙනුවෙන් ‘ගේමට’ බහින බවත් මහජන කටයුතු සහ මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. 


ඇමතිවරයා එම කාරණය අවධාරණය කලේ, බියගම සියඹලාපේ ශ්‍රී නාගවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති වැද්දැපොල තිලකවංශ හිමියන්ගේ ආරාධනයෙන් එහි බුද්ධ මන්දිරයට උළු තැබීමේ පින්කමකට සහභාගී වෙමිනි.

තමන් කිසිදිනෙක පවුකාර වැඩ නොකලද දඩබ්බරකම් කරන බව ඔහු එහිදී සදහන් කළේය.එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.ප‍්‍රභාකරන් ඉන්න කාලෙ, ඔය ජයලලිතත් පාරෙ යනකොට මඟ හරස් කරගෙන ගියේ. පාරවල් වහනවා. අද එහෙම නෑ. ඒ අපේ ජනාධිපතිතුමාටයි, රණවිරුවන්ටයි පින් සිද්ද වෙන්න. නැතිව ඉන්දියාවෙ රජය හින්ද නෙමෙයි.

පහුගිය කාලෙ මර්වින් කප්පම් ගත්තා කියලා මාධ්‍යවල ගියා.   මම පවුකාර වැඩ කරන්නේ නෑ. හැබැයි දඩබ්බරකම් කරනවා. ඒකටත් මේ දවස්වල ටිකක් බ්‍රේක් දමලා තියෙන්නේ. එත්  මේ ඇමරිකන්කාරයෝ කරගෙන යන දේවල්වලට විරෝධය පල කරන්න  ඕනෙ. මම තවම ටිකයි කලේ. ළඟදීම මගේ බැටරිය චාජ් කරලා නැවත පටන් ගන්නවා. චාජ් කරන්නෙ දේකුත් නෑ. පොඞ්ඩක් ක‍්‍රියාත්මක කරන්නයි තියෙන්නෙ”
 
Related Posts with Thumbnails