Ads 468x60px

.

සිරස කුමරියන්ගේ දෙමාපියන් කිලී මහරාජාගේ මව සිහිකරයි

සිරස කුමරිය තේරීමේ දෙවැනි වටයේ සමාරම්භක උත්සවය පසුගිය සෙනසුරාදා රත්මලාන බොරුපන පාරේ පිහිටි සිරස මැදිරි සංකීර්ණයේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙවර ඒ සඳහා ලැබී තිබූ ඉල්ලුම්පත් ප‍්‍රමාණය එතරම් ජය නොවූ බවද පැවසේ.


විශාල ප‍්‍රචාරණ කි‍්‍රයාවලියකින් පසුව සිරස කුමරිය සඳහා අයැදුම්කර තිබුණේ 194 දෙනෙකු පමණක් බව වාර්තා වේ.මතුදිනෙක සිරස කුමරියවීමේ බලාපොරොත්තුවෙන් පසුගිය සෙනසුරාදා ‘ස්ටයින්ස්’ ශ‍්‍රවණාගාරයට ඇදුණු මෙම යොවුන් තරුණියන් ගොන්නට මුල් දේශනය ලැබුණේද දෙමාපියන්ගේ වෙන් කරමින් බව පැවසේ.

මෙහි මුලසුන ගැනීමට කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රනී රෝසි සේනානායක, ජනපි‍්‍රය සිනමා හා ටෙලි නළි දුලානි අනුරාධා හා පළමු සිරස කුමරිය බවට පත්වූ ගෝනකුඹුරගේ ශලනි තාරකා ද එක්ව සිටියහ.
ප‍්‍රශ්නයක් ඇසීමටවත් අවස්ථාවක් නොවන්නට දෙමාපියන් බැල්කනියට සිරකරමින් හා ඔවුන්ගේ දූවරුන් ශාලාවට ගාල්කරමින් සිරස මෙහෙයුම් කණ්ඩායම සිය වැඩසටහන පිළිබඳ විස්තරය ඉදිරිපත් කළේය.

මෙහිදී ඉදිරිපත්වූ කරුණුවලින් අවධාරණයයෙන් කියා සිටියේ මේ තරගයට ඉදිරිපත්වන සියලු දෙනා සිය ලැජ්ජා බය පසෙක තබා කටයුතු කිරීම වැදගත් බවයි.නොඑසේනම් මෙම තරගයට ඉදිරිපත්වී පළමු පනස්දෙනා අතරට තේරීපත්වන තරගකාරියන්ට හෝටල්වල තනියෙන් නැවතී සිටීමට සිදුවන බවත්, ඔවුන්ට කැමරාව ඉදිරියේ බියකින් චකිතයකින් තොරව නිෂ්පාදන කණ්ඩායම් ලබාදෙන උපදෙස් පිළිපැදීමට සිදුවන බවයි.

එසේම අවසන් 12 දෙනා අතරට තේරීපත්වන තරගකාරියන් මහරාජා ආයතනය සමග ගිවිසුමක් සඳහා ගිවිසුම්ගත වියයුතු බවයි.අදාළ ගිවිසුමට අනුව කිසියම් කාලයක් සඳහා තරගකාරියන් පෙනීසිටින සියලුම කාරණාවලට ඔවුන් සැපයීම සිදුකරනු ලබන්නේ මහරාජා ආයතනය බවයි.

නොඑසේනම් අවසන් දොළහට අදාළව සිදුකරන සියලුම වෙළෙඳ ගිවිසුම් මහරාජා ආයතනය විසින් සිදුකරනු ලබන බවත්, ඊට අදාළව එම ගිවිසුම්වලින් යම් ප‍්‍රමාණයක් මහරාජා ආයතනයට ගෙවිය යුතු බවයි.
මේ කාරණාවලට එකගවන්නේ නම් තරග කාරියන්ගේ දෙමාපියන් යම් ගිවිසුමකට අත්සන් කළ යුතු බවද සිරස කුමරිය තේරීමේ දෙවැනිවටය ආරම්භ කරමින් කියා සිටියේය.

එසේ නොකරන දෙමාපියන්ගේ දියණියන්ට මෙයට සහභාගිවිය නොහැකි බවද එම වැඩසටහනේ නිෂ්පාදකයන් අවධාරණයෙන් කියා සිටියේය.
අදාළ දේශනවලින් පසුව ගම්වලින් මේ සඳහා පැමිණි ඇතැම් දෙමාපියන් ස්ටයින්ස් ශබ්ධාගාරයෙන් පිටව ගියේ තුෂ්නිම්භූතවී බවද පැවසේ.
ඇතැම් දෙමාපියන් මහරාජා ආයතනයේ හිමිකරු කිලී මහරාජාගේ මව සිහිකරමින් ඉන් පිටවගිය බවද වාර්තා වේ.
 
Related Posts with Thumbnails